COVID-19 ව්‍යාප්තියේ මූලාරම්භය සෙවීම දේශපාලනීකරණය නොකරන්න – චීනය ඇමරිකාවෙන් ඉල්ලයි

COVID-19 වෛරස ව්‍යාප්තියේ මූලාරම්භය සොයා බැලීම දේශපාලනීකරණය නොකරන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා.

ජිනීවා හි මේ දිනවල පැවැත්වෙන 78 වන ලෝක සෞඛ්‍ය සමුළුවේ දී ඇමරිකානු නියෝජිතයින් සිදු කළ අත්තනෝමතික ප්‍රකාශවලට පිළිතුරු දෙමින් එක්සත් ජාතීන්ගේ චීන නියෝජිතයා මේ බව ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන වෙත බලපෑම් එල්ල කිරීම ද වහාම නතර කරන ලෙසයි ඔහු මෙහිදී ඇමරිකාවෙන් ඉල්ලා සිටියේ.

තවද, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බව පැවසූ රටක්, එම සංවිධානයට අඛණ්ඩව උපරිම සහයෝගය ලබා දෙන රටක් විවේචනය කිරීම පුදුම සහගත බව ද චීන නියෝජිතයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ඇමරිකාව නිවැරදි කරුණු පිළිබඳ නිසි අවබෝධයකින් කටයුතු නොකරන බවට චෝදනා කළ චීනය මෙහිදී අවධාරණය කර සිටියේ තම රට සැමවිටම කිසිදු අනවශ්‍ය බලපෑමකින් තොරව, ලෝක සෞඛ්‍ය සංවිධානයට සිය සහයෝගය ලබා දී ඇති බවයි.

COVID-19 වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිටම චීනය ජාත්‍යන්තර ප්‍රජාව සමග සියලු තොරතුරු හුවමාරු කර ගනිමින්, පොදු යහපත පිණිස ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇමරිකාව ඇතුළු රටවල් 153කට වෛද්‍ය උපකරණ මෙන්ම මූල්‍ය දායකත්වය ද ලබා දී ඇති බව මෙහිදී යළි අවධාරණය කෙරුණා.

එමෙන්ම වෛරස ව්‍යාප්තියේ මූලාරම්භය පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා තම රට සහයෝගය ලබා දී ඇති බවත් ඒ සඳහා එහි විශේෂඥ කණ්ඩායම් චීනයට පැමිණ ඒකාබද්ධ අධ්‍යයන සිදු කර ඇති බවත් පෙන්වා දුන් එක්සත් ජාතීන්ගේ චීන නියෝජිතයා ප්‍රකාශ කළේ, චීනයේ රසායනාගාර කාන්දුවක් වෛරස ව්‍යාප්තියට හේතු වූ බවට පළ වූ වාර්තා කිසිසේත් සිදු විය නොහැකි දෙයක් බව ඔවුහු එහිදී නිගමනය කළ බවයි.

වසංගත ව්‍යාප්තියේදී සිය අසාර්ථක ප්‍රතිචාරයන් සැඟවීම සඳහා යම් රටවල් වෙනත් පාර්ශ්වයන් අපකීර්තියට පත් කිරීමට උත්සාහ දරන බවයි චීනය මෙහිදී පෙන්වා දුන්නේ.

එමෙන්ම ඇමරිකාව සිය රට තුළ COVID-19 වෛසරයේ ආරම්භය සහ ප්‍රතිචාරයන් පිළිබඳව ඇතැම් පාර්ශ්ව මතු කළ ගැටළු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවට නිසි පැහැදිලි කිරීමක් සිදු කළ යුතුව ඇති බව ද චීන නියෝජිතයා මෙහිදී ප්‍රකාශ කළා.

එබැවින් සිය කාර්යභාරය මඟහැර අන් පාර්ශ්වයන් වෙත අනිසි චෝදනා කිරීම වහාම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55