මාලනිය හෙවත් රැජිණ මියගිය තොරතුර සාවද්‍යයි – ලක්මාල් ධර්මරත්න

ජනප්‍රිය ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන ලක්මාල් ධර්මරත්න, හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලිනී ෆොන්සේකාගේ අභාවයත් සමඟ සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමට විශේෂ සටහනක් එක්කර තිබෙනවා.

එහිදී ලක්මාල් පවසා ඇත්තේ මාලිනිය මිය යනවා තබා ඇය මහළුවූයේවත් නැති බවයි.

තරු මිය නොයන බවත්, තරු වයස්ගතවන්නේ ද නොමැති බවත්, ඔවුන් සිටින්නේ අපට සමාන්තර විශ්වයකයක බවයි ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබූ සටහනේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

‘මාලනිය හෙවත් රැජිණ’ මියගියේ යයි සාවද්‍ය තොරතුරකි…

ඇය මියයන්නේ නැත. මිය යනවා තබා ඇය මහළුවූයේවත් නැත. තරු මියයන්නේ නැත. තරු වයස්ගතවන්නේ නැත. ඔවුන් සිටින්නේ අපට සමාන්තර විශ්වයකය. එබැවින් මගේ පුතාගේ, දවසක එයාගේ පුතාද, ඊටත් පසු පුතුන්ද, දියණියන්ද මාලනිය හෙවත් රැජිණට මොහාතකට හෝ ආදරය කරනු ඇත. රූපමය ඉතිහාසය ඉතිරිව තියෙනතාක් මාලනිය මියයන්නේ හෝ මහළුවන්නේ නැත. ඇය අප හා සමාන්තර විශ්වයක අපට සමාන්තරව සදාකාලිකව පවතී….

නමුත්, අනේකවිධ මානසික වේදනා, ප්‍රේමයේ බිඳවැටීම්, සමාජීය ගැහැට, රෝග පීඩා‍‍, සිත්රිදීම් විඳිමින් තනිව හැඬූ, ලොව එක්ක සිනාසුණ, විශාල මිනිස් පිරිසකට ජීවන පැවැත්මක් උදාකල අවිහිංසක සුන්දරියක් මිය ගොසිනි. ඒ මියගිය ඇය රැජිනක් නොවේය. ඇය හුස්ම ගත් සුන්දර කුඩා ගැහැනියකි. ඇය රැජිනකගේ වෙස්මුහුණක් යට ජීවත්වුණ අවිහිංසක ප්‍රේමවන්තියකි. ඇය මියගොසිනි… ඇයට මේ ගැහැට පිරුණු ලෝකයෙන් වෙන්වූ දිගු සුවබර නින්දක් පතමි…

නමුත් ‘මාලනිය හෙවත් රැජිණ’ සදාතනිකවම අපව සනසවමින් සිනහසෙනවා ඇත, කිසිදාක නොමියෙනු ඇත‍, තවත් අවුරුදු සීයකිනුත් ‘රැජිණ රැජිණමය’… රැජිණ සදාකාලිකය…
ලකා.

  1. මොන රෙද්දක්ද මේ කියන්නේ. එක තැනක කියනවා, මියගිය තොරතුර සාවද්‍යයයිලු. තව තැනක කියනවා, මිය ගියාලු. ඇයට, අපහාස කරන්න එපා, කියල තමයි අපට කියන්න තියෙන්නේ.

  2. ට්රෑක් ද…? තොපේ නිව්ස් බලනවට අපිට ගහන්න ඕනෙ.මුං ඔක්කොම ඩරග්ස් අරං ට්රෑක් පැනලා ඉන්නේ…
    අර මනුස්සයගේ මරන්නෙත් විකුණං කනවා.මේ දාලා තියෙන නිව්ස් එක ආයේ එක පාරක් කියවලා බලන්නකෝ… මිනිස්සු ගැන හිත් ඉන්න විදිහ.මුංගේ මානසිකත්වය.ඔහොම ඉදං තමයි ලංකාවේ ෆිල්ම්ස් ක්රෙට් කරන්නේ… ඒ කරලා බල ඉන්නවා ආදායම් වාර්තා බිද හලනකම්…😀😂😂😂හිනා වෙලත් බෑ,හිනා නොවිත් බෑ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03