දුම්රිය ටිකට් අදත් පැරණි මිලටම

ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු 60% කින් සංශෝධනය කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මීට පෙර ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් දුම්රිය ස්ථානවලින් අද (23) දිනයේ ද පැවති මිලට ම ප්‍රවේශපත් මිලදී ගතහැකි බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ.

ගැටලු කිහිපයක් හේතුවෙන් අද (23) සිට දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සිදුකළ නොහැකි බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර සංශෝධිත දුම්රිය ගාස්තු අද (23) සිට සෑම දුම්රිය ස්ථානයකම ප්‍රදර්ශනය කිරිමට ද නියමිතයි.

නව ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 10ක්ව පැවති අවම ගාස්තුව රුපියල් 20ක් ලෙස ඉහළ දමා ඇති අතර වේදිකා ප්‍රවේශ පත්‍ර ගාස්තුව ද රුපියල් 20ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ දුම්රිය ගාස්තුව ද, බස් ගාස්තුවෙන් අඩක් වන ලෙස ඉහළ දැමූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත් සංශෝධනය කරන බව දුම්රිය ගාස්තු ලබන පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14