spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය ටිකට් අදත් පැරණි මිලටම

ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු 60% කින් සංශෝධනය කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මීට පෙර ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් දුම්රිය ස්ථානවලින් අද (23) දිනයේ ද පැවති මිලට ම ප්‍රවේශපත් මිලදී ගතහැකි බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ.

ගැටලු කිහිපයක් හේතුවෙන් අද (23) සිට දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සිදුකළ නොහැකි බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර සංශෝධිත දුම්රිය ගාස්තු අද (23) සිට සෑම දුම්රිය ස්ථානයකම ප්‍රදර්ශනය කිරිමට ද නියමිතයි.

නව ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 10ක්ව පැවති අවම ගාස්තුව රුපියල් 20ක් ලෙස ඉහළ දමා ඇති අතර වේදිකා ප්‍රවේශ පත්‍ර ගාස්තුව ද රුපියල් 20ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ දුම්රිය ගාස්තුව ද, බස් ගාස්තුවෙන් අඩක් වන ලෙස ඉහළ දැමූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත් සංශෝධනය කරන බව දුම්රිය ගාස්තු ලබන පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?