ගෝල්ෆේස් ප්‍රහාරය ගැන සජිත් විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි – මන්ත්‍රී පිරිසක් UN කාර්යාලයට

ගාලුමෝදර පිටියේ සිටි අරගලකරුවන්ට ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරයට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලයට අද (22) විශේෂ සංදේශයක් භාරදෙනු ලැබුවා.

නලීන් බණ්ඩාර, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මේ සඳහා එක්ව සිටි බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මෙම ප්‍රහාරය සඳහා අණ දුන්නේ කවුද, සැලසුම් කළේ කවුද, ප්‍රහාරය එල්ල කළේ කවුද, යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

එමෙන්ම ප්‍රහාරයේ වගකීමෙන් ජනාධිපතිවරයාට පලා යෑමට නොහැකි බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියා.

මේ අතර අරගලකරුවන්ට, මාධ්‍යවේදීන්ට සහ සිවිල් පුරවැසියන්ට එල්ල කළ මෙම ප්‍රහාරය පිළිකුලෙන් හෙලාදකින බව නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළා.

294186557 599573281530628 1499832650883449494 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30