“රට හදන්න ඕන නම් ඕකුන්ට නෙලන්න ඕනෙ, වනන්න ඕනෙ” – හිටපු මැ.කො.ස.ගෙන් සැර කතාවක්

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ විසින් ඊයේ (21) රාත්‍රියේ එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සිය අප්‍රසාදය පළකර තිබෙනවා.

ඒ, සිය නිල ෆේස්බුක් ගිණුමට සටහන් කිහිපයක්ම එක්කරමින්.

අරගලකරුවන් අද (ජූලි 22) අරගල භූමියෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තාවන අතරතුර බලය යොදා පලවා හැරීමේ මෙහෙයුමක් දියත් කරන්නේ නම් එය අයෝග්‍යය බවයි ඔහු සිය ෆේස්බුක් ගිණුමට එක්කළ සටහන දැක්වෙන්නේ.

එමෙන්ම ඔහු තැබූ තවත් සටහන දැක්වෙන්නේ මෙවැන්නක්.

“රට හදන්න ඕන නම් ඕකුන්ට නෙලන්න ඕනෙ, වනන්න ඕනෙ කියල ලියන ඒ කියන්නෙ ස්වකීය මතය වෙනුවෙන් පෙනී සිටින නිරායුධ පුරවැසියන්ට ප්‍රහාර එල්ල කිරීම අවශ්‍ය බව සිතන මගේ මිතුරු ලැයිස්තුවේ සිටින සැම දෙනා, මා අන් ෆ්‍රෙන්ඩ් කිරීමට කාරුණික වන්නේ නම් කෘතඥ වෙමි.
කෙසේවුවද ඕනෑම උද්ඝෝෂණයක් විරෝධතාවක් නිෂ්ප්‍රචණ්ඩත්වය හා අවිහිංසාව මත පදනම් විය යුතු බවට මා දරන මතය ඉහත ඡේදය නිසා නිෂේධනය නොවන බව සටහන් කරනු රිසියෙමි.”
ප.ලි – අන්ෆ්‍රෙන්ඩ් නොවන එවැනි අය ඉවත් කිරීමට පියවර ගනිමි.

මේ අතර අදාල ප්‍රහාරය ශ්‍රී ලංකා නීතීඥ සංගමය තරයේ හෙළාදැක තිබෙනවා.

මහින්ද දේශප්‍රිය සිය ෆේස්බුක් ගිණුමට එක්කර සටහන් පහතින්..

6 1
7 1
8 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11