ජනපති ධුරයට නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි

පාර්ලිමේන්තුව අද (19) පෙරවරු 10.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයේ ආරම්භ වුණා.

එහිදී 1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 6 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ජනාධිපති ධුරය සඳහා නාම යෝජනා භාර ගැනීම ආරම්භ කළා.

එහිදී ජනාධිපති ධුරය සඳහා ඩලස් අලහප්පෙරුමගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යෝජනා කළ අතර එම යෝජනාව ජී.එල්. පීරිස් විසින් ස්ථිරකරනු ලැබුවා.

එමෙන්ම අනුප්‍රාප්තික ජනපති ධුරය සඳහා බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම, සභානායක දිනේෂ් ගුණවර්ධන විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර විසින් ස්ථිර කළා.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ නම අනුප්‍රාප්තික ජනපති ධුරය සඳහා යෝජනා කිරීම එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් සිදු කරනු ලැබුවා.

එම යෝජනාව ස්ථිරකරනු ලැබුවේ එම පක්ෂයේ ම පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය විසින්.

අනතුරුව පාර්ලිමේන්තුව හෙට (20) පෙරවරු 10.00 දක්වා සභානායකවරයා විසින් කල්තබනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44