අනුප්‍රාප්තික ජනපති තෝරන ක්‍රියාවලිය ගැන ඔබ දැනුවත් ද ?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරයට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට සඳහාවන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම අද (19) සිදු කිරීමට නියමිතයි.

ඒ, සඳහා පාර්ලිමේන්තුව පෙරවරු 10.00ට රැස් වීමට නියමිත බවයි වාර්තා වුණේ.

අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා මේ වනවිට සිව්කොන් සටනක් නිර්මාණය වී ඇති අතර, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ ඩලස් අලහප්පෙරුම එම සටනට එක්ව සිටින අපේක්ෂකයින්.

මෙරට ඉතිහාසය තුළ පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම පළමුවරට සිදුවන්නේ 1993 වසරේදී වන අතර, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ අභාවයෙන් පසු එවක වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ ඩී.බී. විජේතුංග ජනාධිපතිධුරය සඳහා ඒකමතිකව පත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් හෙට (20) දිනයේ පැවැත්වෙන ඡන්ද විමසීම මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ නව පරිච්ඡේදයක් බවට පත්වනු ඇති.

ඒ අනුව ජනාධිපති ධුරයට ඉදිරිපත්වන මන්ත්‍රීවරුන්ගේ නාම යෝජනා අද (19) දිනයේ දී පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දෙන අතර එය සිදුවන්නේ අදාල දේශපාලන පක්ෂ විසින් සිය අපේක්ෂකයින් යෝජනා කිරීමෙන් වන අතර එය තවත් මන්ත්‍රීවරයෙකු විසින් ස්ථිර කළ යුතු වනවා.

මෙම යෝජනා කරන අවස්ථාවේ දී අදාල අපේක්ෂකයා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ රැඳී සිටීම ද අනිවාර්යයි.

එසේ නො වුණ හොත් එම නාම යෝජනාව ප්‍රතික්ෂේපවීමක් සිදුවන අතර, යෝජනා වන මන්ත්‍රීවරයා තමන් ජනාධිපති තනතුර සඳහා තරග කිරීමට කැමැත්ත පළකරමින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිඛිතව දැනුම් දිය යුතු වනවා.

ඒ අනුව කථානායකවරයාට හැර ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අපේක්ෂකයෙකු ලෙස ම සඳහා ඉදිරිපත් විය හැකියි.

අපේක්ෂකයින් සඳහා වන ඡන්ද විමසීමේ දී පාර්ලිමේන්තු ප්‍රධානියා වන කථානායකවරයාට ද ඉදිරිපත්වී සිටින ඕනෑම අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සැලසෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18