ගාල්ලේ මෝටර් රථ අනතුරින් ජීවිත තුනක් අහිමි වෙයි

ගාල්ල, මාගාල්ල – අනුලාදේවී බාලික විද්‍යාලය අසල දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථයක් දුම්රියක ගැටී අද (18) උදෑසන සිදුවූ අනතුරින් ගැබිණි කාන්තාව සහ දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

08 හැවිරිදි දියණිය රෝහල් ගතකරන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ගැබිණි කාන්තාව ද රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ඇයගේ කුසෙහි වූ බිළිඳා බේරාගැනීමට වෛද්‍යවරු උත්සාහ දැරූව ද එය ද ව්‍යර්ථ වී ඇති බව සඳහන්.

මංගල උත්සවයකට සහභාගී වී නැවත යමින් සිටියදී ඔවුන් ගමන් ගත් මෝටර් රථය මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ දී එහි හය දෙනෙකු සිට තිබෙනවා.

ආලෝක සංඥා නොතකමින් මෝටර් රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමට යාමේ දී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?