ගාල්ලේ මෝටර් රථ අනතුරින් ජීවිත තුනක් අහිමි වෙයි

ගාල්ල, මාගාල්ල – අනුලාදේවී බාලික විද්‍යාලය අසල දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථයක් දුම්රියක ගැටී අද (18) උදෑසන සිදුවූ අනතුරින් ගැබිණි කාන්තාව සහ දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

08 හැවිරිදි දියණිය රෝහල් ගතකරන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ගැබිණි කාන්තාව ද රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ඇයගේ කුසෙහි වූ බිළිඳා බේරාගැනීමට වෛද්‍යවරු උත්සාහ දැරූව ද එය ද ව්‍යර්ථ වී ඇති බව සඳහන්.

මංගල උත්සවයකට සහභාගී වී නැවත යමින් සිටියදී ඔවුන් ගමන් ගත් මෝටර් රථය මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ දී එහි හය දෙනෙකු සිට තිබෙනවා.

ආලෝක සංඥා නොතකමින් මෝටර් රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමට යාමේ දී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41