AFC Banner
Empty Ad
Empty Ad

ඩීසල් රැගත් පළමු නෞකාවක් මෙරටට ළඟා වූ බව ඇමති කියයි

ඩීසල් රැගත් පළමු නෞකාවක් අද (16) අලුයම මෙරටට ළඟා වූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර එම නෞකාවේ ඉන්ධන සාම්පල මේ වනවිට පරීක්ෂා කරමින් පවතින බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මේ අතර ඩීසල් රැගත් දෙවන නෞකාව ද අද (16) දිනයේ මෙරටට පැමිණීමට නියමිත බවයි අමාත්‍යවරයා දන්වා සිටියේ.

එමෙන්ම පෙට්‍රල් රැගත් නෞකාවක් ලබන 18-19 දිනයන් වලදී මෙරටට පැමිණීම නියමිත බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙම සියලු ඉන්ධන නෞකාවන්ට අදාල ගෙවීම් කටයුතු සියල්ල සිදුකර අවසන් බව ඔහු එම ට්විටර් පණිවුඩයේ දක්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?