ඩීසල් රැගත් පළමු නෞකාවක් මෙරටට ළඟා වූ බව ඇමති කියයි

ඩීසල් රැගත් පළමු නෞකාවක් අද (16) අලුයම මෙරටට ළඟා වූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර එම නෞකාවේ ඉන්ධන සාම්පල මේ වනවිට පරීක්ෂා කරමින් පවතින බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මේ අතර ඩීසල් රැගත් දෙවන නෞකාව ද අද (16) දිනයේ මෙරටට පැමිණීමට නියමිත බවයි අමාත්‍යවරයා දන්වා සිටියේ.

එමෙන්ම පෙට්‍රල් රැගත් නෞකාවක් ලබන 18-19 දිනයන් වලදී මෙරටට පැමිණීම නියමිත බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙම සියලු ඉන්ධන නෞකාවන්ට අදාල ගෙවීම් කටයුතු සියල්ල සිදුකර අවසන් බව ඔහු එම ට්විටර් පණිවුඩයේ දක්වා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14