අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් රටත් ජනතාවත් මුදාගැනීම සඳහා ක්‍රියාකරන ලෙස ජනාධිපතිවරයාටත් රජයටත් අවස්ථා ගණනාවකදී දැනුම් දුන්නත් ඒ කිසිවක් පිළිබඳව ජනාධිපතිවරයා හෝ රජය සැලකිල්ලක් යොමු නොකළ බව මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් සඳහන් කරනවා.
පසුගියදා පිටකොටුව බෝධිය අසල උපවාසයේ යෙදුණු හිමිවරුන් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේලා මේ බව සඳහන් කළා.
ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ සියලුදෙනා එක්සත්ව කටයුතු කළ යුතු බවයි මහ නාහිමිවරුන් පෙන්වා දෙන්නේ.
එමෙන්ම ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පාලකයන් වහාම ඉවත් විය යුතු බවත් උන්වහන්සේලා මෙහිදී ප්‍රකාශ කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
17




