ඉන්ධන පිරවුම්හල් වලින් හමුදා නිලධාරීන් ඉවත්කර ගැනීමේ සූදානමක් ?

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ස්ථාන ගතකර සිටින ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් එම රාජකාරිවලින් ඉවත් කිරීමට සිදුවිය හැකි බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දක්නට ලැබෙන පීඩාකාරී තත්ත්වය හමුවේ ඔවුන් ඉවත් කරන ලෙසට විවිධ පාර්ශ්ව වලින් ලැබෙන ඉල්ලීම් මත මෙම තීරණය ගැනීමට ඉඩකඩ පවතින බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි පැවසුවේ, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සිය රාජකාරිවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති විය හැකි බවයි.

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන්, පාතාල කණ්ඩායම් සහ කඩාකප්පල්කාරී කණ්ඩායම් සම්බන්ධව ගැටුම් ඇති වී තිබෙන බවට අනාවරණය වී ඇති බවද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.

ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් ලෙස පොලිස් නිලධාරීන් යොදවා නො තිබීම හේතුවෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහය ලබාගත් බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

සියලුම පොලිස් කොට්ඨාශවලට සිවිල් පාලන කටයුතු තමන් විසින්ම සිදුකරන ලෙසත්, අවශ්‍ය අවස්ථාවලදී පමණක් ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගන්නා ලෙසත් උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි සඳහන්කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39