ඉන්ධන පිරවුම්හල් වලින් හමුදා නිලධාරීන් ඉවත්කර ගැනීමේ සූදානමක් ?

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ස්ථාන ගතකර සිටින ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් එම රාජකාරිවලින් ඉවත් කිරීමට සිදුවිය හැකි බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දක්නට ලැබෙන පීඩාකාරී තත්ත්වය හමුවේ ඔවුන් ඉවත් කරන ලෙසට විවිධ පාර්ශ්ව වලින් ලැබෙන ඉල්ලීම් මත මෙම තීරණය ගැනීමට ඉඩකඩ පවතින බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි පැවසුවේ, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සිය රාජකාරිවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති විය හැකි බවයි.

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන්, පාතාල කණ්ඩායම් සහ කඩාකප්පල්කාරී කණ්ඩායම් සම්බන්ධව ගැටුම් ඇති වී තිබෙන බවට අනාවරණය වී ඇති බවද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.

ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් ලෙස පොලිස් නිලධාරීන් යොදවා නො තිබීම හේතුවෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහය ලබාගත් බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

සියලුම පොලිස් කොට්ඨාශවලට සිවිල් පාලන කටයුතු තමන් විසින්ම සිදුකරන ලෙසත්, අවශ්‍ය අවස්ථාවලදී පමණක් ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගන්නා ලෙසත් උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි සඳහන්කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?