දකුණු අප්‍රිකානු සහ කොදෙව් සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙක් මෙවර LPL තරගාවලියට

දකුණු අප්‍රිකානු ප්‍රහාරාත්මක පිතිකරු අර්වින් ලුවිස් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගවලිය නියෝජනය කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව ඔහු මෙවර තරගාවලියේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

අර්වින් ලුවිස් නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ දී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කළා.

එමෙන්ම දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක හාර්ඩස් විජෝන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ එක්වීමට සූදානමක් පවතින බව වාර්තා වනවා.

ඔහු මීට පෙර අයි.පී.එල් තරගවලියේ දී කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.

මේ අතර ජැෆ්නා කණ්ඩායම ක්‍රීඩක කෙටුම්පතට (Player Draft) පෙර රඳවා ගන්නා ක්‍රීඩකයින් 06 දෙනා ප්‍රකාශයට පත්කර තිබෙනවා.

තිසර පෙරේරා, ධනංජය ද සිල්වා, මහිෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, අශාන් රන්දික සහ ප්‍රවීන් ජයවික්‍රම එම ක්‍රීඩකයින් හය දෙනායි.

2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත (Player Draft) අද (05) පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට - රැඳවියන් හතර අතේ දුවයි
01:19
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ ඇතුලත බලය STF සහ පොලිසිය අතට ගනී...
00:43
Video thumbnail
විපක්ෂ නායක හදිසියේම උතුරු නැගෙනහිර පා.මන්ත්‍රීවරුන් හමුවෙයි
01:17
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බිත්තිය කඩන හැටි
02:06
Video thumbnail
ක්‍රොන්ක්‍රීට් පියන් උස්සන් රැඳවියෝ ඇතුළේ දාන සෙල්ලම - පොලිසියත් උඩ ඉදන් බලන් ඉදියි
01:57
Video thumbnail
විපක්ෂ නායක හදිසියේම උතුරු නැගෙනහිර පා.මන්ත්‍රීවරුන් හමුවෙයි - අර්චුනා ඇතුළු ප්‍රබලයින් එයි
01:39
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:54:18
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බිත්තිය කඩන හැටි - පාලනයට කඳුළු ගෑස් ග#යි
02:57
Video thumbnail
බන්ධනාගාර රැඳවියන් මෙල්ල කරන්න කඳුළු ගෑස්...
00:10
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඇතුලේ රැඳවියන්ගේ ලොකු ප්ලෑන් එකක්...
00:12