දකුණු අප්‍රිකානු සහ කොදෙව් සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙක් මෙවර LPL තරගාවලියට

දකුණු අප්‍රිකානු ප්‍රහාරාත්මක පිතිකරු අර්වින් ලුවිස් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගවලිය නියෝජනය කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව ඔහු මෙවර තරගාවලියේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

අර්වින් ලුවිස් නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ දී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කළා.

එමෙන්ම දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක හාර්ඩස් විජෝන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ එක්වීමට සූදානමක් පවතින බව වාර්තා වනවා.

ඔහු මීට පෙර අයි.පී.එල් තරගවලියේ දී කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.

මේ අතර ජැෆ්නා කණ්ඩායම ක්‍රීඩක කෙටුම්පතට (Player Draft) පෙර රඳවා ගන්නා ක්‍රීඩකයින් 06 දෙනා ප්‍රකාශයට පත්කර තිබෙනවා.

තිසර පෙරේරා, ධනංජය ද සිල්වා, මහිෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, අශාන් රන්දික සහ ප්‍රවීන් ජයවික්‍රම එම ක්‍රීඩකයින් හය දෙනායි.

2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත (Player Draft) අද (05) පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?