කන්දකාඩු රැඳවියා මියයාමේ සිද්ධියට හමුදාවේ 04ක් අත්අඩංගුවට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී රැඳවියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් ,මාධ්‍ය කොට්ඨාශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා තිබෙනවා.

ඒ අනුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සහ ගුවන් හමුදා සමාජිකයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පවසන්නේ.

ඔවුන් සිව්දෙනා ඊයේ (01) දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

රැඳවියෙකු මියයාමේ සිද්ධියක් හේතුවෙන් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගිය 28 රාත්‍රියේ සිට උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.

එහිදී එහි රඳවා සිටි රැඳවියන් 600කට වැඩි දෙනෙකු පසුගිය 29 වෙනිදා උදෑසන පළාගොස් තිබුණා.

පසුව යුද හමුදාව සහ පොලීසිය එක්ව ඔවුන් සොයා මෙහයුම් දියත් කළා.

එහිදී පළාගිය රැඳවියන් 679 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් සහ භාරවීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

පළාගිය රැඳවියන්ගෙන් තවත් 44 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23