කරාපිටිය රෝහලේ ගිලන්රථ 15ක් ගාල් කෙරෙයි

හදිසි රෝගියකු ගෙන ඒමට හෝ වෙනත් රෝහලකට මාරුකර යැවීමට ඇති ගිලන්රථ 15 ම කරාපිටිය ශික්ෂණ රෝහලේ වාහන සංචිතයේ ඉන්ධන නොමැති බව එහි ප්‍රවාහන අංශයේ සේවකයින් ප්‍රකාශ කර තිබේ.

රෝහලේ විවිධ අවශ්‍යතා සඳහා ධාවනය කරනු ලබන කැබ් රථ 04ක් සහ පෙට්‍රල් වලින් ධාවනය වන වෑන් රථයක් ද මෙලෙස නතරකර දමා තිබේ.

අත්‍යාවශ්‍ය සේවා රථවලට පමණක් ඉන්ධන ලබාදෙන බව පැවසුව ද ඉන්ධන පිරවුම්හල් වෙත ගිය විට එලෙස ඉන්ධන නොලැබෙන බව රෝහලේ සේවකයන් ප්‍රකාශ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?