යාපනය ගුවන් තොටුපොළේ අන්තර්ජාතික මෙහෙයුම් යළි ඇරඹීමට තීරණයක්

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අන්තර්ජාතික මෙහෙයුම් යළි ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයේ අවදානය යොමුව තිබෙනවා.

ඒ අනුව ලබන ජූලි මස පළමු වනදා සිට එහි අන්තර්ජාතික මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අන්තර්ජාතික මෙහෙයුම් කටයුතු පසුගිය 2019 නොවැම්බර් 11 වනදා ආරම්භ කරනු ලැබුවා.

කෙසේ වෙතත් පැවති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය 2020 වසරේ මාර්තු 15 වන දින සිට එහි මෙහෙයුම් තාවකාලිකව නවතා දමන්නටයි තීරණය කෙරුණේ.

යාපනය ගුවන් තොටුපොළේ සිට දකුණු ඉන්දියානු ගමනාන්ත දක්වා යළි ගුවන් ගමන් කටයතු ආරම්භ කිරීමට ගුවන් සමාගම් කිහිපයක් විසින් මේ වනවිටත් ඉල්ලීම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?