පෑලියගොඩ – පට්ටිය හංදිය ඝාතනයේ තොරතුරු රැසක් එළියට

පෑලියගොඩ පොලිස් වසමේ පට්ටිය හංදිය ප්‍රදේශයේ දී ඊයේ (26) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මීට පෙර පොලිසියේ සේවය කර වැඩතහනමට ලක්වූ අයෙක් බවටයි අනාවරණය වී ඇත්තේ.

මොහු දෙමටගොඩ ප්‍රදේශය මුල්කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකළ පුද්ගලයෙකු සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පසුව දෙදෙනා වෙන්ව මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ගොස් ඇති බවයි පොලිසිය පවසනේ.

පොලීසිය සැකපළ කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමක ප්‍රතිඵලයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවටයි.

ඝාතනයට ලක්වු පුද්ගලයා සිය බිරිඳ සහ දරුවා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී පෑලියගොඩ, පට්ටිය හංදිය ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් තිබුණා.

වෙඩිවැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාල පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

එහිදී කාන්තාවක් ද තුවාල ලබා ඇති අතර ඇය ද ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි තොරතුරු වාර්තා වුණේ.

ඝාතනයට ලක්වු පුද්ගලයාගේ දරුවා ද සිද්ධියෙන් අනතුරුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් කැළණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ පෑලියගොඩ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08