spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෑලියගොඩ – පට්ටිය හංදිය ඝාතනයේ තොරතුරු රැසක් එළියට

පෑලියගොඩ පොලිස් වසමේ පට්ටිය හංදිය ප්‍රදේශයේ දී ඊයේ (26) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මීට පෙර පොලිසියේ සේවය කර වැඩතහනමට ලක්වූ අයෙක් බවටයි අනාවරණය වී ඇත්තේ.

මොහු දෙමටගොඩ ප්‍රදේශය මුල්කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකළ පුද්ගලයෙකු සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පසුව දෙදෙනා වෙන්ව මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ගොස් ඇති බවයි පොලිසිය පවසනේ.

පොලීසිය සැකපළ කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමක ප්‍රතිඵලයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවටයි.

ඝාතනයට ලක්වු පුද්ගලයා සිය බිරිඳ සහ දරුවා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී පෑලියගොඩ, පට්ටිය හංදිය ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් තිබුණා.

වෙඩිවැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාල පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

එහිදී කාන්තාවක් ද තුවාල ලබා ඇති අතර ඇය ද ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි තොරතුරු වාර්තා වුණේ.

ඝාතනයට ලක්වු පුද්ගලයාගේ දරුවා ද සිද්ධියෙන් අනතුරුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් කැළණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ පෑලියගොඩ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?