‘නයිකි’ රුසියාව හැර යයි

ලොව ප්‍රමුඛතම ක්‍රීඩා භාණ්ඩ අලෙවිකරුවෙක් වන ‘නයිකි’ සමාගම රුසියාව තුළ සිය වෙළඳ කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව දියත් කෙරෙන අඛණ්ඩ යුද ප්‍රහාර හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ‘නයිකි’ සමාගම පවසන්නේ.

රුසියාව තුළ ‘නයිකි’ සමාගමේ අලෙවි ප්‍රදර්ශනාගාර දහසකට අධික සංඛ්‍යවක් පවතින අතර ඔවුන්ගේ මෙම තීරණයත් සමඟ එම ප්‍රදර්ශනාගාර තුළ රැකියාව සිදුකළ බොහෝ රුසියානුවන්ගේ රැකියාව අහිමිව යනවා.

ඇමෙරිකානු සමාගමක් වන ‘නයිකි’ සමාගමේ මෙම තීරණය සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මේ අතර රුසියානු – යුක්‍රේන ගැටුම් ආරම්භ වීමත් සමඟ ලොව ප්‍රකට සන්නාමයන් රැසක් සිය ව්‍යාපාර කටයුතු රුසියාව තුළ සිදු කිරීම නවතා දැමුවා.

කොකා කෝලා, මැක් ඩොනල්ඩ්ස්, ස්ටාර් බකස් වැනි ලොව ප්‍රකට සන්නාමයන් සිය ගණනක් එලෙස රුසියාව තුළ ව්‍යාපාර කටයුතු නවතා දැමූ සමාගම් අතර වනවා.

ඊට ප්‍රතිචාර වශයෙන් රුසියානු බලධාරී තීරණය කළේ එලෙස රුසියාව තුළ සිය වෙළෙඳ කටයුතු ප්‍රතික්ෂේප කරන එම සමාගම් වෙනුවට නව රුසියානු දේශීය සමාගම් ස්ථාපිත කිරීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12