Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පෑලියගොඩ මැනිං වෙළඳපොලේ පළතුරු වෙළෙන්දා ඝාතනය කිරීමට පැමිණි මෝටර් රථය සොයා ගැනේ

පෑලියගොඩ මැනිං වෙළඳපොලේ 42 හැවිරිදි පළතුරු වෙළෙන්දා ඝාතනය කිරීමට ඝාතකයින් පැමිණි මෝටර් රථය සොයා ගත් බව පොලිසිය පවසනවා.

එම මෝටර් රථය කඩවත දළුපිටිය ඇවිදින මං තීරුව අසල දමා ගොස් තිබියදී සොයා ගැනුණු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.