රාජ්‍ය සේවකයින්ට රැකියාවක් සඳහා විදෙස් ගතවීමට ඇති නීති රීතිවල සංශෝධනයක්

මේ වන විට රාජ්‍ය සේවයේ නිරතව සිටින නිලධාරීන්ට ජ්‍යෙෂ්ඨත්වය හෝ විශ්‍රාම වැටුපට බාධාවකින් නොවන ලෙස විදෙස්ගත වීමට හැකියාව ලැබෙන පරිදි දැනට පවතින නීති රීති සංශෝධනය කිරීමට ඊයේ (13) රැස වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව අධ්‍යයන කටයුත්තකට හෝ රැකියාවක් සඳහා දැනට සේවයේ සිටින රාජ්‍ය නිලධාරීන්ට සිය සේවා කාලය තුළ උපරිමය වසර 05ක කාලසීමාවක් දක්වා වැටුප් රහිත විදේශ නිවාඩු ලබා ගැනීමට තිබෙන හැකියාව මෙමගින් සංශෝධනය වනවා.

මෙම නව සංශෝධනය අනුව අදාළ සේවකයාගේ විශ්‍රාම වැටුප ගණනය කිරීම දී සහ ජ්‍යෙෂ්ඨත්වය තීරණය වීමේ දී බලපාන නීති රීති ලිහිල් වනු ඇති.

එලෙස සංශෝධනය වූ විධිවිධාන සහ නීති රීති ඇතුළත් චක්‍රලේකය කඩිනමින් නිකුත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම යෝජනාව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොයියෝ කියන්නේ ටො#යියෝ බයියෝ නෙවෙයි - ගොයියා බහිනවා කියන්නේ බහිනවා තමයි
07:09
Video thumbnail
ගොවියෝ ඇවිත් රඹෑව ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි - ලේකම්තුමා නැට්ට පු# ගහගෙන ඉන්නේ
03:50
Video thumbnail
අධිකරණය ඉදිරියේ යකා නටපු මාලිමා පාක්ෂිකයා..පොලිසියෙන් පන්නයි - ශානි මහත්තයාට ජයවේවා
01:21
Video thumbnail
රටේ තියෙන හොඳම කණ්ඩායම ඉන්නේ දැන් සජබයේ - කුණුගොඩවල් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නෑ
05:00
Video thumbnail
මහනුවර සිට පේරාදෙණියට මහ පාරේ යන්න සැරසෙන කෝච්චිය - අද ඇරඹෙන අසාමාන්‍ය මෙහෙයුම
02:55
Video thumbnail
SPA ගිනි තැබීමේ කුමන්ත්‍රණයක් ? - බලපත්‍ර තියෙන ආයතනත් වටලලා කාන්තාවෝ කුදලන් යනවා
11:17
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු ?
00:55
Video thumbnail
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ඇප - මහ වැස්සේ අධිකරණයට ආපු හැටි
01:48
Video thumbnail
පෙරහැර අස්සේ බස් එකක් අසල සෙට් එකකට ගුටි පූජාවක්
00:45
Video thumbnail
කලබලයෙන් අධිකරණයට ආ යෝෂිත
00:47