රටටම පොහොර දෙන්න සුදානම්

රාජ්‍ය අනුග්‍රහය වහා ලබා දෙන්නේ නම් මෙවර යල කන්නය සාර්ථක කර ගැනීමට සම්පූර්ණ පොහොර අවශ්‍යතාව සපුරාදීමට තමන් සූදානම් බව පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ශම්මි කිරින්දේ මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ දැනටමත් යල කන්නයට අවශ්‍ය පොහොර අවශ්‍යතාවය වන මෙටි්‍රක් ටොන් තුන්ලක්‍ෂ පහළොස්දහසෙන් මෙටි්‍රක් ටොන් දෙලක්‍ෂ විසිපන්දහසක් රජයේ පොහොර ලේකම් කාර්යාලය හරහා බෙදා දී ඇති බවත් තවත් මෙටි්‍රක් ටොන් අනූදහසක් බෙදාහැරීමට නියමිතව ඇති බවත්ය. බෙදා දුන් පොහොරවලට අයවිය යුතු රුපියල් බිලියන 15ක ප්‍රමාණයෙන් අවම තරමින් රුපියල් බිලියන 10ක්වත් කඩිනමින් රජය මගින් ලබා දෙන්නේ නම් යල කන්නයේ වගා කටයුතු සඳහා හිඟයකින් තොරව පරිසර හිතකාමී පොහොර සපයා දිය හැකි බව ද හෙතෙම පැවසීය. පොහොර පිළිබඳව ගොවි ජනතාවට අනවශ්‍ය බියක් ඇති නොකර ගන්නා ලෙසද, පහසුකම් සපයා දෙන්නේ නම් රටේ සියලු පොහොර අවශ්‍යතාව තමන්ට කඩිනමින් සපුරා දිය හැකි බව ද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළා
08:26
Video thumbnail
පසුගිය ආණ්ඩුවල නතර කළ ව්‍යපෘතිවලට නලින්දගෙන් සැර පිළිතුරක් - මුල්ගල් තියලා - වැඩ සම්පූර්ණ කරලා නෑ
04:03
Video thumbnail
වාහන රැසක් වරායේ හිරවෙලා - පැලවෙනවා.. රිලීස් කරන්නකෝ අප්පා
03:07
Video thumbnail
අපි රුපියල් 3000ක් හැම පාසල් ශිෂ්‍යයෙක්ටම දෙනවා - පාවහන් ලබාගැනීමට
03:10
Video thumbnail
කැරපොත්ත තොසේ දීපු ආපනශාලා හිමියට නඩු
00:52
Video thumbnail
බස් ගාස්තු වැඩිවෙයි - මෙන්න නලින්ද සියල්ල හෙළිකරයි
01:17
Video thumbnail
ලංකා බැංකුව වෙත නව ප්‍රධාන බැංකු පද්ධතියක් නිර්මාණය කරයි
01:34
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:10
Video thumbnail
NLB සභාපතිගෙන් මාධ්‍ය ජාලයකට සහ සර්වජන බලයේ නීතිඥ නලින්ට නඩු - මම එහෙම පැමිණිලි කළේ නෑ - අසත්‍යයි
05:42
Video thumbnail
තව මාස 3කින් ලාල් කාන්තව හොයාගන්නවත් බැරිවෙයි
04:41