විදුලිබල මණ්ඩලයේ සභාපති සමාව ඉල්ලයි

විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා නිවේදනයක් නිකුත්කර තිබෙනවා ඒ කෝප් කමිටුව හමුවේ තමා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්.

කෝප් කමිටුවේදී මා විසින් කරන ලද පැහැදිලි කිරීමේදී, තිබූ පීඩනය සහ හැඟීම් හේතුවෙන් ‘ඉන්දීය අගමැති’ යන වචනය ප්‍රකාශ කිරීමට සිදුවූ නමුත් එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවයි කෝප් කමිටුවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඔහු සඳහන්කර ඇත්තේ.

 ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව තමන් සමාව ඉල්ලා සිටින බවත් ඔහු එම  ලිපියෙන් දන්වා ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ

“ජනාධිපතිතුමා පසුගිය නොවැම්බර් 27 වනදා වගේ මාව ගෙන්වලා කිව්වා.. මේ අදානි සමාගමට දෙන්න මේක. ඉන්දීය අගමැති මෝදි මට බලකරනවා මේක දෙන්න කියලා කියනවා කියලා. පස්සේ මම ඒ වෙලාවේ කිව්වා.. මේක මටවත් විදුලිබල මණ්ඩලයටත් අයිති ප්‍රශ්නයක් නෙවෙයි.. ආයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා.” 

“ඒ හින්දා මම ලියුමක් ලියලා දැම්මා.. මට මෙහෙම ජනාධිපතිතුමා නියෝග දෙනවා..කියලා. මුදල් අමාත්‍යාංශ ලේකම් කිව්වා මේක ඔහෙන් කරගන්න.. මේක විදුලිබල මණ්ඩලයට අයත් ප්‍රශ්නයක් නෙවෙයි කියලා.” යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?