විදුලිබල මණ්ඩලයේ සභාපති සමාව ඉල්ලයි

විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා නිවේදනයක් නිකුත්කර තිබෙනවා ඒ කෝප් කමිටුව හමුවේ තමා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්.

කෝප් කමිටුවේදී මා විසින් කරන ලද පැහැදිලි කිරීමේදී, තිබූ පීඩනය සහ හැඟීම් හේතුවෙන් ‘ඉන්දීය අගමැති’ යන වචනය ප්‍රකාශ කිරීමට සිදුවූ නමුත් එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවයි කෝප් කමිටුවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඔහු සඳහන්කර ඇත්තේ.

 ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව තමන් සමාව ඉල්ලා සිටින බවත් ඔහු එම  ලිපියෙන් දන්වා ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ

“ජනාධිපතිතුමා පසුගිය නොවැම්බර් 27 වනදා වගේ මාව ගෙන්වලා කිව්වා.. මේ අදානි සමාගමට දෙන්න මේක. ඉන්දීය අගමැති මෝදි මට බලකරනවා මේක දෙන්න කියලා කියනවා කියලා. පස්සේ මම ඒ වෙලාවේ කිව්වා.. මේක මටවත් විදුලිබල මණ්ඩලයටත් අයිති ප්‍රශ්නයක් නෙවෙයි.. ආයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා.” 

“ඒ හින්දා මම ලියුමක් ලියලා දැම්මා.. මට මෙහෙම ජනාධිපතිතුමා නියෝග දෙනවා..කියලා. මුදල් අමාත්‍යාංශ ලේකම් කිව්වා මේක ඔහෙන් කරගන්න.. මේක විදුලිබල මණ්ඩලයට අයත් ප්‍රශ්නයක් නෙවෙයි කියලා.” යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළා
08:26
Video thumbnail
පසුගිය ආණ්ඩුවල නතර කළ ව්‍යපෘතිවලට නලින්දගෙන් සැර පිළිතුරක් - මුල්ගල් තියලා - වැඩ සම්පූර්ණ කරලා නෑ
04:03
Video thumbnail
වාහන රැසක් වරායේ හිරවෙලා - පැලවෙනවා.. රිලීස් කරන්නකෝ අප්පා
03:07
Video thumbnail
අපි රුපියල් 3000ක් හැම පාසල් ශිෂ්‍යයෙක්ටම දෙනවා - පාවහන් ලබාගැනීමට
03:10
Video thumbnail
කැරපොත්ත තොසේ දීපු ආපනශාලා හිමියට නඩු
00:52
Video thumbnail
බස් ගාස්තු වැඩිවෙයි - මෙන්න නලින්ද සියල්ල හෙළිකරයි
01:17
Video thumbnail
ලංකා බැංකුව වෙත නව ප්‍රධාන බැංකු පද්ධතියක් නිර්මාණය කරයි
01:34
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:10
Video thumbnail
NLB සභාපතිගෙන් මාධ්‍ය ජාලයකට සහ සර්වජන බලයේ නීතිඥ නලින්ට නඩු - මම එහෙම පැමිණිලි කළේ නෑ - අසත්‍යයි
05:42
Video thumbnail
තව මාස 3කින් ලාල් කාන්තව හොයාගන්නවත් බැරිවෙයි
04:41