ජංගම දුරකතනයක් නිසා රාගමදී පියෙකු ඝාතනය කරයි

ඊයේ (07) රාත්‍රී කාලයේදී රාගම පොලිස් වසමේ කැන්දලියද්දපාලුව ප්‍රදේශයේදී බහින්බස් වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

55 හැවිරිදි කැන්දලියද්දපාලුව, ගනේමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇත්තේ.ඔහුගේ ජංගම දුරකතනය කිසියම් පුද්ගලයෙකු විසින් සොරාගෙන ඇති අතර ඒ පිළිබදව විමසීමට ගිය අවස්ථාවේදී සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්