සේනක පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

ජනතා නීතිඥ සංගමයේ සභාපති සේනක පෙරේරා අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එකට කැඳවා තිබෙනවා.

මෙහිදී සේනක පෙරේරා සඳහන් කළේ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ කුමන හේතුවකට ද යන්න තමන් නොදන්නා බවයි

සේනක පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සිවිල් සංවිධාන සහ වෘත්තීය සංවිධාන කිහිපයක් අද එම දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පවත්වනු ලැබුවා.