තෙමීගෙන විභාගෙ ලිව්ව හැටි ‌ෆේස්බුක් දැම්ම අයට වැඩ වරදී

කුඩ ඉහළා ගනිමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ සහ තෙතබරිත වූ ප්‍රශ්න පත්‍රවල ඡායාරුප ගෙන ඒවා සමාජ මාධ්‍ය ජාලාවලට මුදා හැරීමට කටයුතු කළ බව කියන ගම්පහ තක්ෂිලා මහා විදුහල් විභාග මධ්‍යස්ථානයේ විභාග නිරීක්ෂකයකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.එමෙන් ම වර්ෂාවෙන් ආරක්ෂා වී විභාගයට පෙනී සිටිම සඳහා සිසුන්ට පහසුකම් නොසැලසීම සම්බන්ධයෙන් එම විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිනියකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

එම ඡායාරූප ගෙන තිබුණේ පෙරේදා ( 31 වැනිදා) පෙරවරුවේ පැවැති අධික වර්ෂාව මධ්‍යයේ සංගීත විෂය ප්‍රශ්න පත්‍රයට සිසුන් පෙනී සිටි අවස්ථාවේ දී ය. ටික වෙලාවක් එලෙස පිළිතුරු ලිවීමට ඉඩ දීමෙන් පසු ශාලාධිපතිනිය වෙනත් විභාග ශාලාවක් සකස් කර සිසුන් ඒ සඳහා යොමු කර තිබේ. ඒ අතරතුර එම ශාලාධිපතිනිය සිසුන්ගේ එම ඡායාරූප කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයකුට සිය ජංගම දුරකථනයෙන් යවා තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ද අවශ්‍ය පියවර ගන්නා බවත් දෙපාර්තමේන්තුව පවසයි.

මෙවැනි අවස්ථාවක දී ගත යුතු ක්‍රියාමාර්ග නොසලකමින් කෙටි වෙලාවක් හෝ සිසුන්ට අපහසුවෙන් විභාගයට පෙනී සිටීමට ශාලාධිපතිනිය ඉඩ දී ඇත්තේ වුවමනාවෙන් විය හැකි යැයි ද සිසුන් වෙනත් ශාලාවකට යොමු කරන විටත් එම ඡායාරූප සමාජ මාධ්‍ය ජාලාවලට මුදා හැර තිබූ බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වුව ද මෙම ශාලාවේ සිසුන්ගේ පිළිතුරු පත් පරීක්ෂා කිරීම සඳහා වෙනම මණ්ඩලයක් පත් කරන බවත් සිසුන්ට කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී . ධර්මසේන පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33