“සංගා පුරාවෘත්තයක්..” – වාර්තාගත ඉනිමෙන් පසු ක්‍රිස් ගේල් කියයි

අබුඩාබි ටී 10 ලීග් ක්‍රිකට් තරගාවලියේදී වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට අබුඩාබි කණ්ඩායමේ ක්‍රිස් ගේල් සමත් වුනා. ඒ මරාතා ඇරබියන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 12කදී ලකුණු 50ක් වාර්තා කරමින්.

තරගාවලියේ සුපර්ලීග් වටය යටතේ පැවැති මරාතා ඇරබියන්ස් සහ අබුඩාබි කණ්ඩායම අතර පැවැති තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් මරාතා ඇරබියන්ස් කණ්ඩායම පන්දුවාර 10දී කඩුලූ 4ක් දැවී ලකුණු 97ක් රැස් කළා. ඒ අනුව ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය අබුඩාබි කණ්ඩයාම පන්දුවාර 5.3කදී එක් කඩුල්ලක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත් වුවා.

මරාතා ඇරබියන්ස් පන්දු යවන්නන් අසරණ කරමින් මල්වෙඩි පිති ප්‍රහාරයක් දියත් කළ ක්‍රිස් ගේල් පන්දු 22කදී නොදැවී ලකුණු 84ක් වාර්තා කළා. හයේ පහර 9ක් සහ හතරේ පහර 6ක් එම ඉනිම ඇතුළත එල්ල කිරීමටද ක්‍රිස් ගේල් සමත් වුවා . එ අනුව එහිදී පන්දු 12කදී අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ ගේල් ටී 10 තරගාවලියේදී වේගවත්ම අර්ධ ශතක වාර්තාව සම කිරීමට මෙම තරගයේදී සමත් වුවා. අබුඩාබි ටී 10 තරගාවලියේදී මීට පෙර 2018 වසරේදී රාජ්පුට් කණ්ඩායම නියෝජනය කරමින් මොහොමඞ් ෂෙසාඞ් පන්දු 12කදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වී තිබුනා.

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩක කුමාර සංගක්කාර මෙම තරගාවලියේදී අබුඩාබි කණ්ඩායමේ උපදේශක වශයෙන් කටයුතු කරන අතර තරගයෙන් අනතුරුව ක්‍රිස් ගේල් තමා පිතිකරණයට යෑමට පෙර සංගක්කාරගෙන් වැදගත් උපදෙස් ලැබුණු බවත් එය සිය දක්ෂතා වර්ධනය කර ගැනීමට උපකාරි වුණු බවත් පවසා තිබෙනවා. ‘ඉගෙනීම අපි කවදාවත් නතර කරන්නේ නැහැ. මම හැමදාමත් ඉගෙන ගන්නවා. සංගා ඔයා තමයි පුද්ගලයා. ඔයා පුරාවෘත්තයක්’ යනුවෙයන් ගේල් එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33