හැත්තෑ ලක්‍ෂයක් වටිනා රන් මාල 28කට විද්ද සුද්දෝ දෙදෙනා

රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් පැමිණි විදේශීය ජාතිකයින් දෙදෙනෙකු රුපියල් හැත්තෑ ලක්‍ෂයක් පමණ වටිනා රන්මාල 28ක් වංචා සහගත ලෙස සොරකම්කරගෙන ගොස් ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.

ගාල්ල, කළුවැල්ල ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළෙඳ සැලක සොරකම සිදුවී තිබේ.විදේශීය ජාතිකයන් දෙදෙනා 24 දා දහවල් කුඩා ප්‍රමාණයේ බෑග් දෙකක් ද රැගෙන මෙම රන්භාණ්ඩ වෙළෙඳ සැළට ත්‍රිරෝද රථයකින් පැමිණ ඇත. එක් බෑගයක ව්‍යාජ ලෙස සකස් කරණු ලැබු රන් මාල තිබී ඇත. අනික හිස් බෑගයකි. මෙම බෑග් දෙකම ස්වර්ණාභරණ වෙළෙඳ සැලේ මේසයක් මත තබා ඇති විදේශීය ජාතිකයින් දෙදෙනා රන් මාලවල මිල ගණන් පිළිබඳ රන්භාණ්ඩ වෙළෙඳ සැලේ හිමිකරු සමග කථාබස්කරගෙන ඇත. විදේශීය ජාතිකයන් දෙදෙනා ටික වෙලාවකට පසු රන් භාණ්ඩ පරීක්ෂාකොට රන් මාල 28ක් මිලදී ගන්නා බවට ස්වර්ණාභරණ හලේ හිමිකරුට ප්‍රකාශකොට ඇත.

මෙම පුද්ගලයින් මිලදී ගන්නා බව සඳහන් කළ රන් මාල 28 විදේශීය ජාතිකයන් දෙදෙනා රැගෙනවිත් තිබූ හිස් බෑගයට දමාගෙන එහි කට ගැට ගසා රන් භාණ්ඩ වෙළෙඳ සැලේ මේසය මත තබා ඇත. ඉන් පසු මොවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 02ක මුදලක් ගෙවා රන් මාලයක් මිලදී ගෙන ඇත. එම රන්මාලයේ කැරට් ප්‍රමාණය පරීක්ෂා කළයුතු බව පවසා ඇත. මෙහිදී විදේශීය ජාතිකයන් දෙදෙනා රැගෙනවිත් තිබූ ව්‍යාජ රන් භාණ්ඩ බහා තිබූ බෑගය හා වෙළෙඳ සැලෙන් මිලදී ගත් රන්මාල සහිත බෑගය රන් භාණ්ඩ වෙළෙඳ සැලේ හිමිකරුගේ මේසය මත තබා ඇත. විදේශිය ජාතිකයන් දෙදෙනා ව්‍යාජ රන් භාණ්ඩ බහා තිබූ බෑගය මේසය මත තබා මිලදී ගත් රන්මාල සහිත බෑගය ඉතා සූක්ෂම ලෙස රැගෙන ගොස් තිබුණි.විදේශිය ජාතිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු මීට දින කිහිපයකට පෙර ඩෙංගු රෝගය වැළඳී පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගෙන ඇති බවද පැවසේ. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01
Video thumbnail
"අනුරගේ අවසානය තමයි මේ.. බුදියගෙන හිටපු අය නැගිට්ටෙව්වා අනුර"
00:24
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18