ලොව පුරා කොරෝනා ආසාදිතයින් 105,401,170යි – මරණ 2,292,729යි

මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයින් 105,401,170 ක් ලෙස සටහන් වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2,292,729ක් ලෙසයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ඊයේ අභාවප්‍රාප්ත වුණා.

මිය යන විට ඔහු 89 හැවිරිදි වියේ පසුවූණා.  

කොරෝනා වෛරසය ආසාදනය වී නොවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුගිය 2 වන දා කොළඹ අයි.ඩී.එච්. රෝහලට මාරු කෙරුණා.

හිටපු දේශපාලනඥයෙකු වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු 1977 වසරේ මහමැතිවරණයේදී පානදුර මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ද තේරී පත්වී 1989 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළා.

කොරෝනා ආසාදනය වීමෙන් මෙරට ජීවිතක්ෂයට පත්වූ දෙවන වෛද්‍යවරයා මොහුයි.

මේ අතර, තවත් මරණ 7ක් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 339 දක්වා ඉහළ ගියා.

මග්ගොන, වෑඋඩ, කටුගස්තොට, හෙට්ටිපොළ, බියගම සහ නුවරඑළිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 58, 82, 70, 53, 66 සහ 62 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් මෙලෙස මියගිය අය අතර වනවා.

එමෙන්ම දික්වැල්ල – බෝදරකන්ද ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි කාන්තාවක්ද කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.  

එමෙන්ම, නව ආසාදිතයින් 706 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 67,115 දක්වා ඉහළ ගියා.

අවසන් වරට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 704 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ කුවේට්යේ සිට පැමිණි පුද්ගලයෙකුට ද කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැණුනා.

ඒ අනුව ආසාදිතයින් 6209ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛයාව 60,567ක්.

මේ අතර, කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ ශ්‍රී පාද වන්දනා කිරීම සීමා කර ඇති බැවින් තමන් දැඩි ආර්ථික ගැටළු රැසකට මැදිව ඇති බව නල්ලතණ්ණි ව්‍යාපාරික ප්‍රජාව පවසනවා.

මේ හේතුවෙන් තමන්ගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බවත් ව්‍යාපාර සඳහා බැංකුවලින් ලබාගෙන ඇති ණය වාරික ගෙවීමට ද අපහසු වී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

කොරෝනා වෛරසය මෙරටින් දුරු වන ලෙසට ආයාචනා කරමින් ඔවුන් පසුගිය දා නල්ලතණ්ණිය – නාගදීප විහාරස්ථානයේ සමන් දේවාලයට ගොස් විශේෂ දේව පූජාවක ද නිරත වූ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මෙරටට ලබාදී ඇති කොරෝනා එන්නත පිළිබදව දේශපාලනඥයින් විවිධ අදහස් පළ කරනවා. මේ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?