ලොව පුරා කොරෝනා ආසාදිතයින් 105,401,170යි – මරණ 2,292,729යි

මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයින් 105,401,170 ක් ලෙස සටහන් වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2,292,729ක් ලෙසයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ඊයේ අභාවප්‍රාප්ත වුණා.

මිය යන විට ඔහු 89 හැවිරිදි වියේ පසුවූණා.  

කොරෝනා වෛරසය ආසාදනය වී නොවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුගිය 2 වන දා කොළඹ අයි.ඩී.එච්. රෝහලට මාරු කෙරුණා.

හිටපු දේශපාලනඥයෙකු වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු 1977 වසරේ මහමැතිවරණයේදී පානදුර මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ද තේරී පත්වී 1989 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළා.

කොරෝනා ආසාදනය වීමෙන් මෙරට ජීවිතක්ෂයට පත්වූ දෙවන වෛද්‍යවරයා මොහුයි.

මේ අතර, තවත් මරණ 7ක් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 339 දක්වා ඉහළ ගියා.

මග්ගොන, වෑඋඩ, කටුගස්තොට, හෙට්ටිපොළ, බියගම සහ නුවරඑළිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 58, 82, 70, 53, 66 සහ 62 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් මෙලෙස මියගිය අය අතර වනවා.

එමෙන්ම දික්වැල්ල – බෝදරකන්ද ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි කාන්තාවක්ද කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.  

එමෙන්ම, නව ආසාදිතයින් 706 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 67,115 දක්වා ඉහළ ගියා.

අවසන් වරට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 704 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ කුවේට්යේ සිට පැමිණි පුද්ගලයෙකුට ද කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැණුනා.

ඒ අනුව ආසාදිතයින් 6209ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛයාව 60,567ක්.

මේ අතර, කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ ශ්‍රී පාද වන්දනා කිරීම සීමා කර ඇති බැවින් තමන් දැඩි ආර්ථික ගැටළු රැසකට මැදිව ඇති බව නල්ලතණ්ණි ව්‍යාපාරික ප්‍රජාව පවසනවා.

මේ හේතුවෙන් තමන්ගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බවත් ව්‍යාපාර සඳහා බැංකුවලින් ලබාගෙන ඇති ණය වාරික ගෙවීමට ද අපහසු වී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

කොරෝනා වෛරසය මෙරටින් දුරු වන ලෙසට ආයාචනා කරමින් ඔවුන් පසුගිය දා නල්ලතණ්ණිය – නාගදීප විහාරස්ථානයේ සමන් දේවාලයට ගොස් විශේෂ දේව පූජාවක ද නිරත වූ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මෙරටට ලබාදී ඇති කොරෝනා එන්නත පිළිබදව දේශපාලනඥයින් විවිධ අදහස් පළ කරනවා. මේ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09