ජනපතිගේ ෆේස්බුක් පිටුවට හරීන් සහ මනූෂව අමතක වෙලාද ?

නව කැබිනට් අමාත්‍යවරුන් 09 දෙනෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නා.

අද දිනයේ දිවුරුම් දුන් ඇමතිවරුන් අතර සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ද සිටීම විශේෂත්වයක්.

මේ අතර ජනධිපතිවරයා ඉදිරයේ නව අමාත්‍යවරුන් දිවුරුම්දෙන අයුරු දැක්වෙන ඡායාරූප ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් ගිණුමට මේ වනවිට එක්කර තිබෙනවා.

අද දිනයේ නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස 09 දෙනෙක් දිවුරුම් දුන් අතර අදාල ඡායාරූපවල දැක්වෙන්නේ අලුතින් දිවුරුම් දුන් අමාත්‍යවරුන් හත් දෙනෙකුගේ ඡායාරූප පමණක් වීම විශේෂත්වයක්.

ඒ අනුව අදාල ඡායාරූප එකතුවේ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගේ ඡායාරූප දැකගැනීමට නැහැ.

කෙසේ එම ෆේස්බුක් ගිණුමට එක්කර ඇති අද දින දිවුරුම් දුන් අමාත්‍යවරුන්ගේ නාම ලේඛනයට ඔවුන් දෙදෙනාගේ නම් ඇතුළත්.

මේ අතර ආණ්ඩුවට එක්වෙමින් අමාත්‍ය ධුර ලබාගත් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශය කරමින් සඳහන් කළා.

2 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27