රාජපක්ෂ පවුල ආරක්ෂා කරන ඩීල් එකක් මේක.. ඔන්න කිව්වා අපිනම් ඇමති ධුර ගන්නේ නෑ, නෑමයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය යටතේ කිසිදු අමාත්‍යධුරයක් භාර ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයකු ඔවුන් සමග කටයුතු නොකරන බව රංජිත් මද්දුමබණ්ඩාර කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවා.

අග්‍රාමාත්‍ය ධුරය දැරීම සඳහා රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බවත් හැකිනම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙසත් ඔහු අභියෝගය කරනවා.

රටේ ගැටලු විසඳීම කෙසේ වෙතත් තම ජනාධිපති ධුරය සහ සහ රාජපක්ෂ පවුල ආරක්ෂා කර ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරයේ පිරිනැමූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

සාමකාමී විරෝධතා කරුවන්, රටේ පොදු මහජනතාව, මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ ඉල්ලීම් වලට පයින් ගසා ව්‍යවස්ථාවෙන් සහ සම්ප්‍රදායෙන් පරිබාහිරව පත් කර ඇති මෙම තනතුරට සමගි ජන බලවේගය සම්පූර්ණයෙන්ම විරෝධය පළ කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38