අරවින්ද-මුරලි-මහානාම-මහේල හා සංගක්කාර නව ක්‍රිකට් කමිටුවට

මේ වනවිට පසු බැස තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගැනීම සඳහා නව ක්‍රිකට් කමිටුවක් හා නව තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා තීරණය කර ඇති අතර, ඒ සඳහා හිටපු ක්‍රිකට් විශිෂ්ටයන් කිහිප දෙනකුගේ ම නම් යෝජනා වී තිබීම කැපී පෙනේ. 

ඒ අනුව, ක්‍රිකට් කමිටුව සඳහා තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන අරවින්ද ද සිල්වා මෙන් ම රංජිත් ප්‍රනාන්දු, මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම, මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාරගේ නම් යෝජනා වී තිබීම විශේෂත්වයකි. 

එහිදී මෙම ක්‍රිකට් කමිටුව මඟින් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හා පුහුණුකරුවන්ගේ ප්‍රගතිය අධීක්‍ෂණය කිරීම සිදුවනු ඇති බව පැවසේ. 

මේ අතර, නව ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා හිටපු තේරීම් කමිටු සාමාජිකයකු වූ ප්‍රමෝදය වික්‍රමසිංහ මෙන්ම රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, කපිල විජේගුවර්ධන, වරුණ වරාගොඩගේ නම් යෝජනා වී ඇති අතර, එයින් තිදෙනෙකු නව ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා තෝරා ගැනීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?