AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේදී කොරෝනා ආසාදිතයෙකු වූ ක්‍රිකට් ක්‍රීඩක මොයීන් අලි කියන කතාව

දවස් තුනක් තදබල හිසරදයකින් පෙළුණා. මගේ ශරීරය ඉදිමුණා

කොරෝනාවෛරසය ආසාදනය වූ බවට ශ්‍රී ලංකාවේදී තහවුරු වූ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයීන් අලි තමන් කොවිඩ්-19 රෝගය හේතුවෙන් පීඩා විඳි ආකාරය පිළිබඳව සිය අත්දැකීම් අනාවරණය කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ, කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් පසු ගෙවූ සති දෙකක කාලය වෙනත් කිසිවෙකුට අත් නොවේවායි ප්‍රාර්ථනා කරන බවයි.

මොයීන් අලි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය පැවති සම්පූර්ණ කාලය තුළ හෝටල් කාමරයට කොටුවී සිටි අතර ටෙස්ට් තරග දෙක ම ඔහුට අහිමි වුණා.

33 හැවිරීදි මොයීන් අලි ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගි වීම සඳහා චෙන්නායි බලා ගොස් සිටිනවා.

“මම ඒ දවස් 14 ගත කළේ කොහොම ද කියලා මට ම හිතා ගන්න බෑ. ඒක ගොඩක් අසීරු කාලයක්,” මොයීන් අලි පැවසීය.

“මට එක දවසක් තිබුණා කිසි ම රසක් නොදැනුණ. ඒ වගේ ම දවස් තුනක් තදබල හිසරදයකින් පෙළුණා. මගේ ශරීරය ඉදිමුණා. ඒ වගේ මහන්සියක් මගේ ජීවිතේ ඊට කලින් මට කවදාවත් දැනිලා නෑ.”

“දවස් තුනක් මම හිටියේ ගොඩක් අමාරුවෙන්. මට ඒ දවස් 14 දැනුණේ කල්පයක් වගේ. අන්තිම දවස් 4 මට ගොඩක් අපහසුතාවක් දැනුණා. එහෙම වුණේ මට සුව වෙලා තිබුණත් කාමරයක් ඇතුළෙ හිර වෙලා ඉන්න වුණ නිසා.”

ඔහු පවසන්නේ, කොරෝනා වෛරසයට එරෙහි එන්නත ලබා දෙන අවස්ථාවේදී එය ලබා ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?