ශ්‍රී ලංකාවේදී කොරෝනා ආසාදිතයෙකු වූ ක්‍රිකට් ක්‍රීඩක මොයීන් අලි කියන කතාව

දවස් තුනක් තදබල හිසරදයකින් පෙළුණා. මගේ ශරීරය ඉදිමුණා

කොරෝනාවෛරසය ආසාදනය වූ බවට ශ්‍රී ලංකාවේදී තහවුරු වූ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයීන් අලි තමන් කොවිඩ්-19 රෝගය හේතුවෙන් පීඩා විඳි ආකාරය පිළිබඳව සිය අත්දැකීම් අනාවරණය කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ, කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් පසු ගෙවූ සති දෙකක කාලය වෙනත් කිසිවෙකුට අත් නොවේවායි ප්‍රාර්ථනා කරන බවයි.

මොයීන් අලි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය පැවති සම්පූර්ණ කාලය තුළ හෝටල් කාමරයට කොටුවී සිටි අතර ටෙස්ට් තරග දෙක ම ඔහුට අහිමි වුණා.

33 හැවිරීදි මොයීන් අලි ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගි වීම සඳහා චෙන්නායි බලා ගොස් සිටිනවා.

“මම ඒ දවස් 14 ගත කළේ කොහොම ද කියලා මට ම හිතා ගන්න බෑ. ඒක ගොඩක් අසීරු කාලයක්,” මොයීන් අලි පැවසීය.

“මට එක දවසක් තිබුණා කිසි ම රසක් නොදැනුණ. ඒ වගේ ම දවස් තුනක් තදබල හිසරදයකින් පෙළුණා. මගේ ශරීරය ඉදිමුණා. ඒ වගේ මහන්සියක් මගේ ජීවිතේ ඊට කලින් මට කවදාවත් දැනිලා නෑ.”

“දවස් තුනක් මම හිටියේ ගොඩක් අමාරුවෙන්. මට ඒ දවස් 14 දැනුණේ කල්පයක් වගේ. අන්තිම දවස් 4 මට ගොඩක් අපහසුතාවක් දැනුණා. එහෙම වුණේ මට සුව වෙලා තිබුණත් කාමරයක් ඇතුළෙ හිර වෙලා ඉන්න වුණ නිසා.”

ඔහු පවසන්නේ, කොරෝනා වෛරසයට එරෙහි එන්නත ලබා දෙන අවස්ථාවේදී එය ලබා ගන්නා බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33