AFC Banner
Empty Ad
Empty Ad

මැයි දින රැළිය මැද පැටලුනු හරීන්ට, ෆොන්සේකා දෙහි කපයි

සමඟි ජන බලවේගයේ ඊයේ (01) පැවති මැයි දින රැළියේ දී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අද (02) අදහස් දක්වා සිටියා.

මාධ්‍යවේදීන් එම මත ගැටුම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදීයි ඔහු මේ බව සඳහන්කර සිටියේ.

අදාල සිදුවීම සම්බන්ධයෙන් තමන් විපක්ෂ නායකවරයාට පැමිණිලිකරන බව කී සරත් ෆොන්සේකා ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් බලාපොරොත්තුවන බව ද සඳහන් කර සිටියා.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ අදාල මොහොතේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අසභ්‍යවචන භාවිත කරමින් කුපිත වී අශිලාචාර ලෙස හැසිරුණු බවයි.

කෙසේ වෙතත් එවැනි දේ පුරුද්දකට තබා නොගන්නා ලෙසට ද සරත් ෆොන්සේකා විසින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට එහිදී අවවාදාත්මක අනතුරු ඇඟවීමක් ද සිදුකරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?