කොළඹ වරායේ බටහිර ජැටිය මොන රටකට දුන්නත් විමල් වීරවංශට කමක් නැති ලු

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනත් පාර්ශවයක් හා එක්ව සංවර්ධනය කරන බවට ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් නොවුණ ද බටහිර පර්යන්තය පෞද්ගලික අංශය හා වෙනත් පාර්ශව සමග ඒකාබද්ධව සංවර්ධනය කරන බවට එහි සඳහන් කර ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඊට අවශ්‍ය ජනවරම ලැබී ඇති බවත් ඒ හේතුවෙන් බටහිර පර්යන්තය වෙනත් පාර්ශවයක් හා එක්ව සංවර්ධනය කිරීමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.

“බටහිර පර්යන්තය වෙනත් පාර්ශවයක් සමග එකට එකතු වෙලා සංවර්ධනය කිරීම පිළිබඳව අපේ විරුද්ධත්වයක් නෑ. මොකද ජනවරම ලැබිලා තියෙන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ කාරණාව විවෘතව සඳහන් වෙනවා. ඒකට ජනවරම ලැබිලා තියෙනවා.”

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.

“ඉන්දීය ද බටහිර ඉන්දීය ද කවුරුහරි එක්ක වුණත්, චීනෙත් එක්ක එකඟතාවක් ඇති කරගෙන පර්යන්තයක් සංවර්ධනය කරලා තියෙන්නේ, ඒ විදියට BOP කියන මොඩල් එකට නැගෙනහිර ජැටිය නොදෙන බවට ලිඛිත සහතිකයක් දීමෙන් අගමැති මග හරී න ම පාර්ශවයක් එක්ක එකතු වෙලා බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම ගැටලුවක් නැහැ, මොක ද අපි සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ ප්‍රතිත්තිය ඇතුළත් කරලා තියෙනවා. ජනවරම අපිට ලැබිලා තියෙන්නේ ඒ ප්‍රතිපත්තියටත් එක්ක.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..එක මිටට, දර ළිපට, පොල් කටුවට..ඉතිරිලා ගිහින් තියෙන එකෙන් දීපන්කෝ
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08