“මේක මනුෂ්‍යත්වය වෙනුවෙන් කරන සටනක්” – සුජානිගෙන් සැර කතාවක්

සුජානි මේනකා කියන නම ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්.ඒ තරමටම රංගන ක්ෂේත්‍රය තුළ මහඟු සේවාවක් ඉටු කළ ඇය මේ දිනවල දී පෝක් වීදිය ටෙලි නාට්‍ය ඔස්සේ අපිට දැක බලාගන්නට පුළුවන්.

ඇය රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍ය මෙන්ම සිනමාපට ද ප්‍රේක්ෂක ආකර්ෂණය විශාල වශයෙන් දිනා ගත්තේ ඇගේ රංගනයේ ඇති තාත්වික බව නිසාමයි.

ඇය ඇත්තෙන්ම කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාම නිහතමානී රංගන ශිල්පිනියක් කිව්වොත් මා නිවැරදියි.

ඇය විවාහ වී සිටින්නේ ද රංගන ක්ෂේත්‍රයේ මහගු මෙහෙවරක් කරන හරි අපූරු රංගධරයකු වන බිමල් ජයකොඩි සමගයි.

ඔහුද රංගනයෙන් දායක වන සියලුම නිර්මාණ ජනතාව අතර අතිශය ආකර්ෂණයට ලක් වන්නේ ඔහුගේ ඇති දක්ෂ රංගන හැකියාව නිසාමයි.

මේ දින වල ගාලු මුවදොර පැවැත්වෙන අරගලයට සහභාගී වෙන නම් අතර සුජානිගේ වගේම බිමල්ගේ නමත් කියවෙනවා.

ඒ ඔවුන් දෙදෙනාගේ රංගන ශිල්පින් ලෙස අරගල බිමේ සටන් කිරිම නිසා.

ඉතින් සුජානි මේ අරගලය ගැන සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසයි,

ආදරණීයනී……

මම දැන් අවුරුදු 42 ක් ජීවත් වෙච්ච ගැහැනියක්. මම මේ කාලේ තුලම ජීවත් වුනේ මගේ ආදරණීය රටේ ආදරණීය මිනිසුන් එක්ක. එදත් අදත් ආදරණීය මිනිස්සු හැර මාත් එක්ක තරහවකින් මිනිසුන් ඉන්නවද නැද්ද කියලා මම දන්නේ නෑ. මොකද මම හැම මනුස්සයටම ආදරේ කරන නිසා සමහරවිට මට ඒවා පේන්නේ නෑ.මට ඔබ වෙනුවෙන් මේ මොහොතේ වගකීමෙන් කියන්න ඕන කාරනාවක් තියෙනවා.

ආදරණීයනී….. මම මගේ අම්මාට කොච්චර ආදරෙයිද ඒ හා සමානවම මම මේ රටට ආදරෙයි. මේ මිනිස්සුන්ට ආදරෙයි. ඇයි සමහරුන් තාමත් මේ ව්‍යසනය තේරිලත් නොතේරුනා වගේ ඉන්නේ. අපි මේ රට වෙනුවෙන් පාරට බැස්සේ, කතා කරන්නේ අරගල කරන්නේ විහිලුවට නෙමෙයි . හැම මොහොතේම මේ post share කරන්නේ, මේවා දැකලා එක තප්පරයකදි කෙනෙක්ට ඇත්ත තේරුම් යන්න පුළුවන්. ඒකෙන් තමන් හිටගන්න ඕන හරි පැත්ත තේරුම් යන්න පුළුවන්. මේ කාලකන්නි දේශපාලුවන් ටික ටික අපිව මරනවා.. අපේ ලක් මව විනාස කරනවා. ඇයි තාමත් අම්මේ, තාත්තේ, සහෝදර සහෝදරයිනි, මිත්‍රවරුනී ඔයාලට තේරෙන්නැත්තේ? මේක අපිට නොතේරුනාට භයානක තත්ත්වයක්.

අදවෙනකොට ඔබේ කාටවත් හිංසාවක් නොවී තියෙන්න පුළුවන් . ඒ එල්ල වෙන හැම පහරක්ම එල්ල වෙන්නේ අපි හැමෝටම. ඒත් අපි කාටද කියන්න පුළුවන් හෙට මුළු රටටම ඒක නොවී තියෙයි කියලා. මේ යන විදිහට අපිට හෙටක් නෑ මිත්‍රවරුනි. අපේ පුංචි පැටව් පවි. උන් බලන් ඉන්නවා අපිව විශ්වාස කරලා අපේ දිහා…

අපි එකතුවෙලා මේ ක්‍රමේ වෙනස් කරමු. මම මේක එදත් කිව්වා. අපි හැමෝම එකතු වෙලා රට විනාස කරන මේ අසූචි ගොඩවල් ටික flush කරලා දාමු… මේ ගඳ ගහන අසූචි ගොඩවල් අනාගතේ අපේ දරුවනුත් දකින්න ඕනේද මිත්‍රවරුනේ…

තවමත් රට වට්ටලා තෙයෙන මේ අනතුර නොතේරෙන මගේ ආදරණීය රට වැසියන්ගෙන් ඉල්ලන්නේ මේක කොයි මොහොතකවත් විහිලුවකට ගන්න එපා. ඔබේ සහෝදරවරුන් කරන මේ අරගලය අවතක්සේරුකරන්න එපා. තව දුරටත් මේ රට වැසියන් බහුතරයක් කරන අරගලය කුනුහරුපයක් නෙමෙයි. මනුෂ්‍යත්වය වෙනුවෙන් කරන සටනක් මේක. ඔබේ එක මෝඩ කමක් නිසා, ඔබේ එක නොමේරු ක්‍රියාවක් නිසා ජීවිත කීයක් බිලිවෙන්න පුළුවන් ද? දැනටමත් එය වෙමින් පවතින්නේ.

එන්න අපි එකතුවෙමු…. ලක් මෑණියන්ට, ලක් වැසියන් වන අපට වෙච්ච අසාධාරණයට අපි මේ අසූචි ගොඩවල් ටික සුද්ද කරලා දාමු…….

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් කරන්නෙත් පවුල් දේශපාලනයක්ද ?..ජාතික දේශපාලනයේ වෙනස නාමල් පෙන්නනවා
07:11
Video thumbnail
එළොව ගිය රංග රාජපක්ෂ ගැන සංජීවගෙන් ප්‍රබල හෙළිදරව්වක්..ඇයි මේ වැඩේ හැංගුවේ.. CIDට යන්න තිබ්බනේ
04:13
Video thumbnail
10 වෙනි විධායක ජනපති ගැන සංජීව කට අරියි..දිලිත් නාමල්ට අභියෝගයක් වෙයිද ?
02:39
Video thumbnail
ආණ්ඩුව අපිට කරන චෝදනාවලින් බහුතරයක් දේශපාලන ප්‍රබන්ධ..සංජීව හොඳම එකෙන් කියයි
03:43
Video thumbnail
මුදල් ලේකම් ද්විත්ව පුරවැසියෙක් කියලා සංජීව සාක්ෂි එක්කම හෙළිකරයි ?.. නලින්ද කිව්වේ මොකක්ද එතකොට ?
04:55
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නද යන්නේ ?..සංජීව සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
ජනපති කළේ නොදියුණු ගෝත්‍රික ප්‍රකාශයක්..අධිකරණයේ නඩුවක තීන්දුව ජනපතිට අදාළ නෑ
05:33
Video thumbnail
ටී.බී. සරත් තිබ්බ ලෝක වාර්තාව ගැන සංජීව හෙළිකරයි..ආණ්ඩුව මැයි රැළි 21යි කලේ කියලා දන්නේ නෑ
04:43
Video thumbnail
මැයි දිනයක් කරන්න බැරි පොහොට්ටුවට රටේ ආයේ බලය ගන්න පුළුවන්ද ?
03:28