AFC Banner
Empty Ad
Empty Ad

හිටපු මහා බැංකු අධිපතිවරයාට රටින් පිටවීමේ තහනම දීර්ඝ කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගේ විදේශ ගමන් තහනම දීර්ඝ කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කරනු ලැබුවා.

ඒ අනුව රාජ්‍ය මුදල් අවභාවිතා කළේය යන චෝදනාව යටතේ ලැබී තිබෙන පැමිණිල්ලට අනුව එම නඩු විභාගය අවසන් වනතුරු මෙම ගුවන් ගමන් තහනම බල පැවැත්වෙනු ඇත.

තවද ජූනි 7 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු මහ බංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට සිතාසි නිකුත් කළ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසද නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?