තවත් ලාංකිකයින් 15 දෙනෙකු ඉන්දියාවේ සරණ සොයා යයි

තවත් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙත පැමිණ ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. එලෙස පැමිණි පිරිස අතර කුඩා දරුවන් තුන්දෙනෙකු සිටින බව සඳහන්.

මේ වනවිට ඔවුන් කඳවුරුගත කිරීමට ඉන්දීය බලධාරීන් විසින් පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙරට පවතින වත්මන් ආර්ථික තත්වය මත මෙලෙස පසුගිය මාස දෙකක කාලසීමාවේ 50කට ආසන්න පිරිසක් ඉන්දියාවට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?