පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසම වෙත කැඳවයි

රඹුක්කන නගරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මානව හිමිකම් කොමිසම වෙත අද කැඳවා තිබෙනවා.

අද පෙරවරු 11.00ට අදාළ නිලධාරීන්ට කොමිසම හමුවේ පෙනී සිටින නියෝග කර ඇත.

ඒ අනුව පොලිස්පතිවරයා, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, කෑගල්ල සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරුන් කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතය.

මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කළේ පසුගිය 19 වන දින රඹුක්කන නගරයේ පැවති විරෝධතාව පාලනය කිරීම අතර තුර විරෝධතාවයට එක්වූ ප්‍රදේශවාසීන් සහ පොලීසිය අතර ඇති වු ගැටුම පිළිබදව සිදුකරන ඉදිරි පරීක්ෂණ සඳහා ඔවුන් මෙලෙස එම කොමිසම වෙත කැඳවන බවය.

සිද්ධිය පිළිබඳව මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානයේ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එම කණ්ඩායම ඉදිරිපත් කරන වාර්තාව පදනම් කරගනිමින් මානව හිමිකම් කොමිෂන් සභාව රජය වෙත නිර්දේශ නිකුත් කිරීමට ද නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21
Video thumbnail
ගාල්ලේ ඉදන් පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැ# එළොව ගිහින්
00:39
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න
01:01