AFC Banner
Empty Ad
Empty Ad

පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසම වෙත කැඳවයි

රඹුක්කන නගරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මානව හිමිකම් කොමිසම වෙත අද කැඳවා තිබෙනවා.

අද පෙරවරු 11.00ට අදාළ නිලධාරීන්ට කොමිසම හමුවේ පෙනී සිටින නියෝග කර ඇත.

ඒ අනුව පොලිස්පතිවරයා, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, කෑගල්ල සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරුන් කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතය.

මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කළේ පසුගිය 19 වන දින රඹුක්කන නගරයේ පැවති විරෝධතාව පාලනය කිරීම අතර තුර විරෝධතාවයට එක්වූ ප්‍රදේශවාසීන් සහ පොලීසිය අතර ඇති වු ගැටුම පිළිබදව සිදුකරන ඉදිරි පරීක්ෂණ සඳහා ඔවුන් මෙලෙස එම කොමිසම වෙත කැඳවන බවය.

සිද්ධිය පිළිබඳව මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානයේ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එම කණ්ඩායම ඉදිරිපත් කරන වාර්තාව පදනම් කරගනිමින් මානව හිමිකම් කොමිෂන් සභාව රජය වෙත නිර්දේශ නිකුත් කිරීමට ද නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?