නවතම සිනමා පටයක් නිර්මාණය කරන්න ඊශ්‍රායෙල් සිනමාකරුවන් පිරිසක් දිවයිනට

ඊශ්‍රායල ජාතික සිනමාකරුවන් විසි දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ” ආරුගම්බේ ” නැමැති සිනමා පටයක් නිෂ්පාදනය කිරීම සදහා අද දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මෙම සිනමා පටය, ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ ආරුගම්බේ මුල් කර ගනිමින් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරනවා.

මෙමගින් ශ්‍රී ලංකාවේ භෞතික සෞන්දර්ය ඊශ්‍රායලය සහ යුරෝපීය රටවල ජනතාවට දැක බලා ගැනීමට සැළැස්වීම මෙම සිනමා පටය නිෂ්පාදනය කිරීමේ මූලික අරමුණ බව මෙම කණ්ඩායමේ ප්‍රකාශකවරයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී ප්‍රකාශ කර සිටියේ.

විශේෂයෙන්ම ආරුගම්බේ ප්‍රදේශයේ මුහුදු වෙරළ ආශ්‍රිතව සිදු කෙරෙන රළ මත ලිස්සා යාම ඊශ්‍රායල ජාතික තරුණයන් මහත් ආස්වාදයක් ලබන ක්‍රීඩාවක් බවත් , එම තත්වය යුරෝපීය ජාතිකයන් අතර ප්‍රචලිත කිරීම ඇතුළු ශ්‍රී ලංකාවේ සිනමා සංචාරක ප්‍රවර්ධනයක් ( Film Tourism Promotion ) ඇති කිරීම තුළින් ශ්‍රී ලංකාවට , එම රටවල සිනමාකරුවන් , සිනමා පට නිෂ්පාදනය සදහා මෙරටට ඇද ගැනීම තුළින් විදේශ විනිමය උපයා ගැනීම මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම ඊශ්‍රායල ජාතික සිනමාකරුවන් පිරිස එළඹෙන මැයි මස 22 දින දක්වා මෙරට රැදී සිටිමින් මෙම සිනමා පටයේ රූ ගත කිරීම් සිදු කිරීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48