ලිට්‍රෝ ගෑස් සැපයීම යළි ත් නවතී: නැවත ලැබෙන දිනය මෙන්න

අප්‍රේල් 25 වන දා දක්වා ගෘහස්ත ගෑස් ස්ලින්ඩර් නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එහි ප්‍රකාශයෙකු මේ බව පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, අද (අප්‍රේල් 20) දිනයේදී ගෑස් අඩංගු නෞකාවක් මෙරටට පැමිණ තිබුණ ද එය ගෘහස්ත භාවිතය සඳහා නිකුත් කිරීමට ප්‍රමාණවත් නොවන බව ය.

අදාළ ගෑස් තොගය රෝහල්, ආදාහනාගාර, කර්මාන්ත ඇතුළු කටයුතු සඳහා බෙදා හැරෙන බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, අප්‍රේල් 24 වන දා ගෑස් අඩංගු නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත අතර ඒ අනුව 25 වන දා ගෘහස්ත ගෑස් නිකුත් කිරීමට හැකියාව ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේ, මෙරට භාවිතය සඳහා සතියකට ගෑස් නෞකා තුනක අවශ්‍යතාවක් පවතින බව ත් එක් නෞකාවක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 4ක් පමණ වැය කිරීමට සිදු වන බව ත් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?