තත්ත්වය මතක් වනවිට සම්මානය ලැබීමේ සතුට බොඳ වෙනවා

එංගලන්තයේ ප්‍රධානතම සම්මාන උළෙලක් වන 2022 ලෝරන්ස් ඔලිවියර් සම්මාන උළෙලේදී පසුගියදා හොඳම නළුවාට හිමි සම්මාන දිනාගත් හිරාන් අබේසේකර ගාලුමුවදොර පැවැත්වෙන ජන අරගලයට සහයෝගය දැක්වීමේ අරමුණින් ඊයේ (18) ලංකාවට පැමිණියේය.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ශ්‍රී ලංකාව වර්තමානයේ පත්ව ඇති තත්ත්වය මතක් වනවිට සම්මානය ලැබීමේ සතුට බොඳවී යන බවය. ඔහුට මේ මොහොතේ ලංකාවට පැමිණීමට කිසිදු හේතුවක් නොමැති බවත් අරගලයට සහය වීම පිණිස තමා තනිවම පැමිණි බවත් ඔහු පැවසුවේය.

පසුගිය 10 වැනිදා හිරාන් අබේසේකර ලයිෆ් ඔෆ් පායි වේදිකා නාට්‍ය වෙනුවෙන් හොඳම නළුවාට හිමි ඔලිවියර් සම්මානයෙන් පිදුම් ලැබීය. එදින ලන්ඩනයේ රෝයල් ඇල්බට් ශාලාවේදී සම්මානය ලබාගනිමින් ඔහු වේදිකාවේදී ලංකාව මුහුණ පා ඇති දරුණු අර්බුදය පිළිබඳව සිහිපත් කරමින් පැවසුවේ ලංකාවේ මිනිස්සුන්ට බෙහෙවින්ම ආදරය කරනා බවත් කිසිදා මවුබිම අමතක නොකරන බවය. හිරාන් අබේසේකර ඊයේ ගුවන්තොටුපළ වෙත පැමිණියේ සිය ඔලිවියර් සම්මානය ද අතැතිවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?