කොළඹ ගාලු මුවදොර පිටිය ප්‍රදේශයේ 07 වන දිනටත් අඛණ්ඩව විරෝධතා පැවැත්වෙයි.
දිවයින පුරා සිටින තරුණ තරුණයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 09 වන දින මෙම විරෝධතාවය ආරම්භ විය.
ඒ අනුව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් සවිකර ගනිමින් විරෝධතාකරුවන් දිවා රාත්‍රී සිය විරෝධතාවයේ නිරත වී සිටිති.
සිංහල අළුත් අවුරුද්ද පැවැති ඊයේ දිනයේත් මෙම විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයකි. මෙම අරගල කරුවන්ට නන්දෙසින් පුද්ගලයන් එකතු වෙමින් විවිධ ආධාර පහසුකම ලබා දෙයි.අද සිට මෙම අරගල භුමියේ සිටින සියලුම අය සදහා නොමිලේ 4G 5G පහසුකම් ලබා දිමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
153














