එක රටක් එක නීතියක් කියලා පම්පෝරියට කිව්වට, කෙනාගෙන් කෙනාට වෙනස් වෙන පොලිසියේ අපූරු නීතිය

ගාලු මුවදොර පිටිය අසල පැවැත්වෙන ජනතා අරගලයට ඊයේ පොලිස් නිලධාරියෙකුද පැමිණියා.
ඔහු එහිදී අදහස් දැක්වීමක්ද සිදුකළා.
එහි සඳහන් කළේ පොලිසිය නීතිය ක්‍රියාත්මක වන්නේ පොහොසතාට සහ දුප්පතාට දෙවිදිහකට බවයි.
තවද තමාට රැකියාව නැතිවුණද ගමට ගොස් කුලී වැඩක් කිරීම නම්බුකාර බව එහිදී ඔහු පැවසුවා.
එම සිදුවීම සිදුවී දිනක් ගතවෙන්නට මත්තෙන් ඔහුට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.
පුදුමයට කරුණනම් ඔහු පැමිණ අදහස් ප්‍රකාශ කිරීම සිදුකර මොහොතකින් ඔහුට එරෙහිව ඇති චෝදනා ඇතුලත් පොලිස් වාර්තා කිහිපයක්ම සමාජ මාධ්‍ය හරහා හුවමාරු වීමයි.
එම වාර්තා පොලිසිය සතු ඒවා නොවන බවට පැවසීමට කිසිවෙකුට නොහැකි වන්නේ පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේද සඳහන් වන්නේ අදාල වාර්තාවල සඳහන්ව තිබූ කරුණුමයි.
එලෙස වසර ගණනාවකට ඉහතදී සටහන්ව තිබූ පොලිස් සටහන් එළියට ආවේ කෙසේද..?
එලෙස පොලිසිය සතු වරදකරුවන්ගේ ලියවිලි මුදාහැරීමට ඇති හැකියාව කුමක්ද..?
පුදුමයට කරුණනම් පොලිස් වාර්තාවක් හෝ ලබාගැනීමට අවශ්‍ය මොහොතක එම වාර්තාවක් ලබාදීමට පොලිසිය ගන්නා කාලය සහ අදාල නිලධාරියාට තිබූ චෝදනා සම්බන්ධ වාර්තා එළියට ඒමට ගිය කාලයයි.
අනෙක් ප්‍රශ්නයනම් එහි සටහන්ව තිබූ ලෙසින් ගංජා ළඟ තබාගැනීමේ වරදටද ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
එවැනි නීතිවිරෝධී කටයුත්තක් කළ අයෙකුව නැවත සේවයේ පිහිටවූයේ කෙසේද..?
ඔහුට ලැබුණු දඩුවම කුමක්ද..?
සාමාන්‍ය පුද්ගලයෙකු ගංජා ළඟ තබාගැනීමේ වරදකට අත්අඩංගුවට ගෙන වරදකරුවෙකු වූ පසු ඔහුට පොලිස් වාර්තාවක් හෝ ලබාදෙනවාද..?
මෙවැනි සිදුවීම් හරහා පොලිස් දෙපාර්තමේන්තුවේ නම තව තවත් මහජනයා අතර අප්‍රසාදයක් ඇතිවීමක් බවයි බොහෝ දෙනාගේ මතය වන්නේ.
යම් හේතුවකින් පොලිසියක දැමූ පැමිණිල්ලක පිටපතක් ලබාගැනීමට හෝ සිදුවුවහොත් ඒ සඳහා ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලීමේ ලිපියක් ලබාදිය යුතුය.
ඉන් පසුව ඔවුන් එම පිටපත ලබාදීමට කටයුතු කරනු ලැබේ.
එවන් පසුබිමක අරගල භූමියට පැමිණි පොලිස් නිලධාරියාගේ මෙම පොලිස් පොත්වල සටහන් වුණු සියල්ල සමාජ මාධ්‍යයට අතුලත් වන්නේ කෙසේද..?
පොලිස් මාධ්‍ය ඒකකයෙන් නිවේදනය නිකුත් කිරීමට පෙර මෙම වාර්තා සමාජ මාධ්‍යයට මුදාහරින නිලධාරීන්ද නීතිය හමුවට ගෙන ඒම සිදුකළ යුතු නොවන්නේද..?මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ලවූ ප්‍රහාරයට සම්බන්ධ වූවන් සොයා ගැනීමටද පොලිසියට තවමත් සොයා ගැනීමට නොහැකිවී තිබේ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02