හිරුගේ භූ චුම්භක මාරුතයක් අද පෘථිවිය මතට

සූර්යයාගේ අධි ශක්ති මුදාලීමේ ක්‍රියාදාමය මගින් හටගත් භූ චුම්භක කුණාටුවක් අද (14) පෘථිවිය වෙත යොමුවන බව අමෙරිකානු නාසා ආයතනය ප්‍රකාශ කළා.

එමඟින් පෘථිවිය මත විදුලි ග්‍රිඩ් පද්ධති සහ බලශක්ති සැපයුම්වලට ද බාධා එල්ල විය හැකි බවයි නාසා ආයතනය සඳහන් කළේ.

මෙම මධ්‍ය ප්‍රමාණයේ භූ චුම්භක කුණාටුව පැයකට කිලෝමීටර් විසිඑක් ලක්ෂයක පමණ වේගයකින් හිරුගේ සිට පෘථිවියට පැමිණෙනවා.

මෙම හිරු කුණාටු ප්‍රබලතාව අනුව ජී-එකේ සිට ජී-පහ දක්වා වර්ගීකරණය කර ඇති අතර, අද පෘථිවියට ළඟා වන්නේ ජී-දෙක මට්ටමේ කුණාටුවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !