AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බෝන් එගේන්ද ? ක‍්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්..

මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පාලනාධිකාරිය වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන වර්තමාන පරිපාලනය ‘බෝන් එගේන්‘ නම් ආගමික න්‍යාය පත‍්‍රයක් ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව විසින් එල්ල කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ එම චෝදනා සම්බන්ධයෙන් සිය අප‍්‍රසාදය පළ කරන බවයි.

ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ඇතැම් ක‍්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට, තේරීම් කමිටු නිලධාරීන්ට මෙන්ම ක‍්‍රිකට් ආයතනයේ යම් යම් අංශවල සේවයේ නියුතු නිලධාරීන්ව ඉලක්ක කර ගනිමින් මෙම චෝදනා එල්ල වන නමුත්, එය ස්ථීර ලෙසම ප‍්‍රතික්ෂේප කර සිටින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් එය කිසියම් පාර්ශ්වයක් විසින් ගොතන ලද අසත්‍ය තොරතුරක් බවයි එම නිවේදනයේ දැක්වුණේ.

විවිධ ජාතීන්ගෙන් පිරී තිබෙන රටක් වන ශ‍්‍රී ලංකාවේ ජාතීන් සියල්ල එකතු කරනු ලබන සුවිශේෂී අවස්ථාවෙක් වේ නම් ඒ ක‍්‍රිකට් ක‍්‍රීඩාව පමණයි. මන්ද යත් ක‍්‍රිකට් ක‍්‍රීඩාව යනු සෑම ශ‍්‍රී ලාංකිකයකු තුළම නොමියෙන පේ‍්‍රමයක් දෝර ගලන ක‍්‍රීඩාවක් බවට සහ ජාතීන්ගේ ආශාවක් සඵල වන ක‍්‍රීඩාවක් බවට ක‍්‍රිකට් ක‍්‍රීඩාව පත්ව තිබෙන බැවින්. එබැවින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හි නිල තේමා පාඨය පවා සකස් වී ඇත්තේ එයට ගරු කිරීමක් වශයෙන් බව මේ අවස්ථාවේදී මතක් කර දීමට කැමැත්තෙමු. ”එකම කණ්ඩායමක් එකම ජාතියක් යනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ තේමා පාඨය සැකැසී ඇත්තේ ජාතීන් අතර වූ සහයෝගීතාවය පිළිබිඹුවීම මුල් කොට ගෙන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ.

කණගාටුවට කරුණ වන්නේ එවන් උත්තරීතර තැනක තිබෙන ශ‍්‍රී ලාංකේය ක‍්‍රිකට් ක‍්‍රීඩාව පිළිබඳව, කිසිදු සත්‍යතාවකින් තොර වූ චෝදනා එල්ල කරනු ලබන පිරිස් වලට අමතක වීම බවද එම නිවේදනයේ දැක්වෙනවා.  

1996 වසරේදී අපි ක‍්‍රිකට් ලෝක කුසලානය දිනා ගන්නා විටත් 2014 දී විස්සයි-20 ලෝක කුසලානය දිනා ගන්නා විටත්, අවස්ථා ගණනාවක ලෝක අනුශූරයින් ලෙස පත් වන විටත් පස් වතාවක් ආසියානු කුසලාන ජයග‍්‍රහණය කරන විටත් මුළු මහත් ශ‍්‍රී ලංකා වාසීන්ගේ ආදරය සහ සෙනෙහස හදවතින්ම විඳ ඇත්තෙමු. එම ආදරය සහ සෙනෙහස අතරින් සෑම තරාතිරමක්ම නියෝජනය වන පරිදි වූ ක‍්‍රීඩකයින්ට කිසිදු වෙනස් කමක් සිදු නොකරමින් ශ‍්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව නිර්මාණය කර දීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉඩ හසර විවර කර දුන් අතර එහිදී ඇතැමුන් ජාත්‍යන්තරයේ ශ්‍රෙෂ්ඨයින් බවට පත්ව ඇති බව මේ රටේ ජනතාව හොඳින්ම දන්නා කරුණක්.

කිසිදු වෙනස්කමකින් තොරව සෑම දෙනාටම එකසේ විඳිය හැකිවන පරිදි ක‍්‍රිකට් ක‍්‍රීඩාව පවත්වාගෙන යෑම වෙනුවෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් සකස් කොට ඇති වෙනස්කම් කොට සැලකීමේ විරෝධී ප‍්‍රතිපත්තියට අනුකූලව නිරන්තයෙන්ම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කටයුතු කරනු ලබන බව සඳහන් කිරීමටද මෙය අවස්ථාවක් කරගන්නා අතරම,  ජාතිය, වර්ණය, ආගම, සම්භවය, සංස්කෘතිය, ජනවාර්ගික සම්භවය, ජාතිකත්වය, ස්ත‍්‍රී-පුරුෂ භාවය, ලිංගික දිශානතිය, අබාධිත භාවය, විවාහක අවිවාහක තත්ත්වය මෙන්ම මාතෘත්වය පිළිබඳවද කිසිදු වෙනස්කමක් නොකිරීමට අප වගා බලා ගන්නා බව සඳහන් කර සිටින්නේ ඉතාමත් වගකීමෙන් බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ. 

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් සෑම පුද්ගලයකුටම තමන් කැමැති ආගමක් ඇදහීම සඳහා ලබා දී ඇති නිදහසට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අතිශය ගෞරවය කර සිටින අතරම ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ කිසිදු කටයුත්තක් සඳහා කිසිදු පුද්ගලයකුගේ ආගමක් හෝ ඔහු හෝ ඇය විශ්වාස කරන දේ කිසි විටෙකින්වත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සැලකිල්ලට නොගනනු ලබන බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

එබැවින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය යනු කිසිදු ආගමික කණ්ඩායමක න්‍යාය පත‍්‍රයකට අනුව කටයුතු නොවන ආයතනයක් බවත් ශ‍්‍රී ලාංකේය ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ආදරය කරන ආදරණීය රසිකයන් මෙන්ම ජනතාවට නැවතත් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව වටා එක් රොක් වන ලෙසද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය එම නිවේදනය හරහා ඉල්ලීමක්ද සිදුකර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වගකීම තියන්නේ අනුර ලග
03:40
Video thumbnail
Breaking News 🛑බලශක්ති අමාත්‍යාංශයට හදීසියේ ගිය ජනාධිපති කළ විශේෂ ප්‍රකාශය#anurakumaradissanayake
05:51
Video thumbnail
නව පොලිස්පති විජිත හේරත් ඉදිරියේ කළ සුපිරි කතාව - පොලීසියට 'ඉස්සර දේශපාලන ඇඟිලි ගැසීම් තිබුණා'
07:33
Video thumbnail
බලය ලැබුනහම මිනිස්සු පිස්සු නටනවාමයි
04:09
Video thumbnail
පුපුරපු සජබයේ පැටිකිරිය එළියට - හිරුණිකා අයින්වුණ ඇත්තම පක්ෂ ප්‍රබලයෙක් කට අරී #sajithpremadasa
06:36
Video thumbnail
ඡන්දෙ දීපු අයම අනුර ගැන කනස්සල්ලෙන් - "ඡන්දෙ දුන්නු අයනම් දැන් හොයා ගන්නවත් නෑ"
03:02
Video thumbnail
ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම හමු වූ අගමැතිනිය
01:18
Video thumbnail
රන්ජන් එක්ක එකතු වුණු හේතුව මාධ්‍ය‍යට කියූ ඩිල්ෂාන්
02:52
Video thumbnail
විජිත ගම්මන්පිලට දින 03ක් දෙයි
01:51
Video thumbnail
වන අලි උවදුරෙන් බැටකන ගොවි ජනතාව
06:46

?