බුලත් කොළයේ සිට සෑම භාණ්ඩයකම මිල ඉහළට : මහජනතාව දැඩි අසීරූතාවයකට ලක්වෙයි

අලුත් අවුරුදු උදාවට ඇත්තේ තවත් දින 2ක කාලයක්. මේ වන විට ජනතාව අලුත් අවුරුදු සැමරීම සඳහා සාප්පු සවාරියේ යෙදෙමින් අත්‍යාවශ්‍ය ආහාරපාන එක්රැස් කරමින් සිටිනවා.

කෙසේ වෙතත්, අහස උසට වැඩි වී ඇති බඩු මිල හමුවේ ජනතාවට අවුරුද්ද සැමරිමට සිදුව ඇත්තේ මහත් අසිරුතාවකින්.

මහ බැංකුවේ දෛනික දත්ත වාර්තාවලට අනුව එළවළු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සතියේදි කිලෝග්‍රෑමයක් රුපියල් 145ක් ව පැවැති බෝංචි මිළ අද වනවිට පවතින්නේ රුපියල් 315ක මිළකටයි.

මීට අමතරව, අර්තාපල් කිලෝග්‍රෑමයක මිළ ද රුපියල් 115 සිට රුපියල් 215 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම, රතුළුෑණු කිලෝග්‍රෑමයක් රුපියල් 325කටත් ලොකුඵෑණු කිලෝග්‍රෑමයක් රුපියල් 295කට ඉහළ ගොස් ඇති බවයි මහබැංකු දත්තවලට අනුව පෙනී යන්නේ.

මීට අමතරව, වම්බටු, කැරට් ඇතුළු තවත් එළවළු කිහිපයක මිල ගොස් තිබෙනවා.

මේ අතර, මෙරට ජනතාවගේ දෛනික ආහාර වේලෙහි ප්‍රධාන අංගයක්ව පවතින පරිප්පු කිලෝග්‍රෑමයක් පසුගිය දින කිහිපය තුළ 480ක මිලක පැවැති අතර එය මේ වනවිට රුපියල් 500ත් රුපියල් 510ත් අතර මිලකට ඉහළ ගොස් තිබෙනවා.

මීට අමතරව, ඉවුම් පිහුම් කටයුතු සඳහා වැඩි වශයෙන් යොදා ගන්නා පොල් තෙල් බෝතලයක මිළ ද රුපියල් දහසකට ආසන්න මිලකට අලෙවි වන බවටයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

අලුත් අවුරුදු සමයේ වෙළඳපළේ කුකුළු මස් ඇතුළු මත්ස්‍ය මිල ගණන් සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම, බිත්තරයක මිල ද වෙළඳපොළේ අලෙවි වන්නේ රුපියල් 30ත් 34 අතර මිලකට යි.

මේ අතර, අලුත් අවුරුදු චාරිත්‍ර ඉෂ්ට කිරීම සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගැනෙන බුලත් කොළයක මිල ද රුපියල් 5 සිට 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බුලත් අතට කොළ 40ක් අඩංගු වන අතර ඒ අනුව බුලත් අතක් මිලදී ගැනීම සඳහා රුපියල් 320ක මුදලක් වැය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි
00:34
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි.."බුදුන් වහන්සේ නෙවෙයි මේ"
00:56