ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟයක් නැහැ කියලා හිතෙනවා නම් කියවන්න…

ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ දරුණු මූල්‍ය අබුදයක බව ඔබත් මමත් හොදින්ම දන්නා කරුනක්.ඒ අර්බුදයේ තවත් එක් දිගුවක් වන්නේ ඖෂධ හිඟකමයි.මේ සම්බන්ධයෙන් කතාකිරීමේදි ඇතැමෙක් කියා සිටින්නේ එවන් අර්බුදයක් නොමැති බවක්ය.

පක්ශ විපක්ශ කාරණා පසෙක තබා අප ඔබට මේ ගෙන එන්නේ වෛද්‍ය ගෝමිද මතීශ ජයසිංහ මහතා ඔහුගේ මුහුනුපොතේ තැබූ සටහනකි.මින් ඉදිරියට ඔහුගේම වචන වලින් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට කුමක් වී ඇත් දැයි කියවා දැන ගන්න.

එම සටහන පහතින්,

ලංකාවේ අන්තිම වැමිනොලැක්ට් වයල් එකමම ළමා ශල්‍ය වෛද්‍ය අංශයේ වෛද්‍යවරයෙක්. අපිට මාසෙක වයස ළමයෙක් ට්‍රාන්ස්ෆර් කරා උපතින් බඩවැල ඇඹරිලා. ඒකට අදාල ශල්‍ය කර්මය කරාම ඊට පස්සේ බඩවැලේ තුවාලේ හින්දා දවස් ගානක් කිරි නොදී තියාගන්න ඕන. ඒත් මාසෙක ළමයෙක් එහෙම තියාගන්න බෑ. තුවාල හොඳ වෙන්නත් පෝෂණය ඕන. සාමාන්‍යයෙන් අපි ඒ වෙනුවට සේලයින්, ඩෙක්ට්‍රෝස්, පොටෑසියම් මිශ්‍රණයක් සහ TPN (Total Parenteral Nutrition) දෙනවා ශිරාවක් දිගේ.

ඒත් අවාසනාවකට TPN O/S. ඒ කියන්නේ ඉස්පිරිතාලේ නෑ. “එළියෙත් නෑ වගේ” ලොකු මිස් මට දැන්වූවා.දැන් මොකද කරන්නේ. මං මඩකලපුව, කාත්තන්කුඩි, සයිනමදුර්, වාලච්චේනේ වල ප්‍රධාන ෆාමසි වලට කෝල් කරලා බැලුවා. ඇත්ත තමයි බඩු නෑ. අන්තිමට කොළඹ නොම්මර වලට ගැහුවා. ලැබුණ උත්තර සේරම කණාටුදායක ආරංචි.

මම ඇත ඇරියේ නෑ. දීර්ඝ කෝල් කීපෙකට පස්සේ අන්තිමට ආසිරි සර්ජිකල් එකෙන් ප්‍රතිචාරයක් ආවා. “ඩොක්ටර් ස්ටොක් එකක් වගේ තියෙනවා ඒත් ෂුවර් නෑ”. “අපිට වයල් තුනක් ඕනෑ” මම කිව්වා. විනාඩි දහයකට පස්සේ ආයේ මගේ ෆෝන් එක වැදුනා. “සර් එක වයල් එකක් ෂුවර්, වාහනේ එවන්න සර්”. මට ඉර පෑව්ව වගේ.මං වහාම අපේ ඇම්බියුලන්ස් අංශේට කතාකරා. මඩකලපුවේ ඉඳන් කොළඹට කිලෝමිටර් 320ක් තියෙනවා. අද යන වාහනේ එන්නේ අනිද්දා පාන්දර.

බෙහෙතක් ගෙන්න තියා එහා ඉස්පිරිතාලෙට යන්නවත් තෙල් නෑ වාහන වල. මගේ වෙලාවට වෙන රෝගීන් කීප දෙනෙක් අරගෙන යන ඇම්බියුලන්ස් එකක් අද රෑ කොළඹ යනවා. වයල් එකක් 1000යි. තොප්පිගල කැලේ ඉඳන් ආපු ඒ අම්මා ළඟ රුපියල් 1000ක් තියා දාගන්න සෙරෙප්පු දෙකක් වත් නෑ. ඉතින් වෝඩ් ෆන්ඩ් එකෙන් සල්ලි අරන් කූල් බොක්ස් එකත් එක්ක ඇම්බියුලන්ස් එකට දුන්නා.රෑ 9ට ටවුමට ගියාම ඇහැ කොනින් දැක්කා ශික්ෂණ රෝහල මඩකලපුව ඇම්බියුලන්ස් එක ෂෙඩ් එක ළඟ වාත වෙනවා.

වාහනේ අයින් කරලා ඇහුවා “සර් බැටික්ලෝ කුල ඩීසල් ඉල්ල සර් එන්න සේද තෙරියාදු නාන් චීෆ් ට කෝල් අඩින්ග” (ෂෙඩ් වල ඩීසල් නෑ මොකද කරන්නේ කියලා තේරෙන්නේ නෑ කෝල් ගන්න ගමන් මේ) අන්තිමට කෝල් හතර පහකට පස්සේ කොළඹ පාරේ මග තියෙන එරාවුර් වලින් ඩීසල් ගහන්න බුක් කරලා ඇම්බියුලන්ස් එක පිටත්වුනා.පස්සෙන්දා පාන්දර දෙකට කොල් එකක් ආවා ඇම්බියුලන්ස් එකෙන් “වන්ද සර්” (“ආවා”). මම ඉස්පිරිතාලෙට ගියා නෙමෙයි දිව්වා.

ළමයාට බෙහෙත පටන්ගත්තා. මම වෘතියට උපරිමයක් කරලා මම නිසා කෙනෙක් ජීවත් වෙනවා කියන ෆීලින් එක එක්ක මම එදා රෑ ඊට පස්සේ ඉතුරු පැය ගාන සතුටින් නිදාගත්තා.ඒ ළමයා දැන් හොඳින් ජීවත් වෙනවා. මම ලංකාවට ණය නෑ, අර තොප්පිගල කැලේ ඉන්න අම්මාත් ඒ මාසේ දරුවත් ලංකාවට ණය වෙන්න කොහොමත් බෑ. ඒත් කවුරු හරි ණයයි.

image 33


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48